ලංකාවේ අපි නිතර කරන වැරදි
වචන, grammar, දවසේ කියන වාක්‍ය, සහ email. ලංකාවේ ඉංග්‍රීසිය හරි. ඒත් රට වල කෙනෙක්ට වෙන දෙයක් තේරෙන තැන් ටික මෙන්න.
මුලින්ම එක දෙයක් කියන්න ඕනෙ: ලංකාවේ ඉංග්‍රීසිය වැරදි ඉංග්‍රීසියක් නෙවෙයි. ඇමරිකන් ඉංග්‍රීසිය, බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිය, ඉන්දියන් ඉංග්‍රීසිය වගේම, ලංකාවටත් තමන්ගේම ඉංග්‍රීසියක් තියෙනවා. "Aiyo", "short eats", "I'll come and go" අපිට හොඳට තේරෙනවා, ඒවා අපේ.
ඒත් අද අපි ඉංග්‍රීසි කතා කරන්නේ ලංකාවේ අය එක්ක විතරක් නෙවෙයි: Dubai වල ලොක්කා, Korea වල සමාගම, Fiverr එකේ client, Australia වල නෑදෑයෝ, AI එකක්. ඒ අයට අපේ සමහර වචන වෙන දෙයක් තේරෙනවා, නැත්නම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
මේ කොටසේ තියෙන්නේ ඒ වගේ තැන්. වර්ග දෙකක් තියෙනවා:
කහ පාට කොටුවේ මාතෘකාව බලන්න: "ලංකාවේ තේරෙනවා" කියලා තියෙනවා නම්, ලංකාවේදී ඒක දිගටම පාවිච්චි කරන්න. රට වලට, ජාත්‍යන්තර email එකකට, interview එකකට නම් අනිත් එක තෝරන්න.
පාඩම්
| පාඩම | මොනවද |
|---|---|
| අපි වෙනස් විදියට පාවිච්චි කරන වචන | hotel, pass out, doubt, stay, get down, batch, cousin brother |
| Grammar පුරුදු | discuss about, return back, explain me, today morning, I'm having a car |
| දවසේ කියන වාක්‍ය | I'll come and go, What is your good name?, Tell me (phone), same to you |
| Email සහ messages | Respected Sir, kindly revert, PFA, do the needful, thanking you |
