Engspire × Engreesi

සිංහලෙන් කියන දේ ඉංග්‍රීසියෙන්

ඕනෙ, පුළුවන්, එපා වගේ අපි දවස පුරාම කියන අදහස් ඉංග්‍රීසියෙන් කියන හැටි.

ඉංග්‍රීසි grammar පොතක් පටන් ගන්නේ ඉංග්‍රීසියෙන්: modal verbs, simple present, past tense වගේ දේවල් එක්ක. ඒත් අපි කතා කරන්න හදනකොට අපේ ඔලුවට මුලින්ම එන්නේ අදහස් කිහිපයක් තමයි: "මට ඕනෙ...", "ඔයාට පුළුවන්ද...?", "එහෙම කරන්න එපා".

මේ කොටස පටන් ගන්නේ ඒ අදහස් ඉංග්‍රීසියෙන් කියන විදියත් එක්ක. එක පාඩමක ඒ එක අදහසක් ගන්නවා, ඊට පස්සේ ඒ අදහස ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් විදි, සහ කොයි වෙලාවට කොයි එකද කියලා බලනවා.

පාඩම්

සිංහලෙන්ඉංග්‍රීසියෙන්
ඕනෙwant, need, have to, should
පුළුවන් / බෑcan, could, be able to, may, might
එපාdon't, mustn't, shouldn't, no thank you
තියෙනවා / ඉන්නවාhave, there is, there are, be
කරනවා, කළා, කරලාsimple present, present continuous, past, present perfect
කරන්නම්, කරන්න යනවාwill, going to, I'm doing
කළොත්, කළා නම්if, would, I wish, unless
කරවනවාhave it done, make, let, get someone to
කියලාsaid that, told me to, asked if
නේද?isn't it, don't you, right
-ත්, -ම, -ලු, වගේ, විතර, තවtoo, either, myself, apparently, like, about, still, yet

On this page