කරන්නම්, කරන්න යනවා — will, going to
සිංහලෙන් අනාගතය කියන විදි කිහිපයක් තියෙනවා. ඉංග්‍රීසියෙනුත් එහෙමයි. තීරණය කළේ දැන්ද, කලින්ද කියලා බලන්න.
Watch Pivee explain thisඉංග්‍රීසියෙන් කතා කරද්දි අනාගතේ ගැන කතා කරන මූලික ක්‍රම ටිකක්
Watch Pivee explain this"Will" ආවම වරදින වෙලාවලුත් තියෙනවා...කරන්නම්: will
"මම කරන්නම්" කියනකොට ගොඩක් වෙලාවට තීරණය ගන්නේ කතා කරන මොහොතේ. පොරොන්දුවක්, උදව්වක් දෙනවා කියනකොටත් will.
'll / will
- Wait, I'll open the door.
- I'll call you later.
- Don't worry, I won't tell anyone.
- I'll have a kottu, please.
කරන්න යනවා: going to
"මම බයික් එකක් ගන්න යනවා". කලින්ම හිතලා, සැලසුම් කරපු දෙයක් නම් going to. සිංහලෙනුත් ඉංග්‍රීසියෙනුත් "යනවා" වචනයම තියෙන එක මතක තියාගන්න ලේසියි.
going to
- I'm going to go to Korea next year.
- We're going to build a new house.
- She isn't going to do her A/Ls. She's going to get a job.
ඇස් දෙකට පේන දෙයක් නිසා "දැන් වෙනවා" කියනකොටත් going to: Look at those clouds. It's going to rain.
දිනයක් වෙලාවක් දාපු දේවල්: I'm doing
"හෙට මම දොස්තර ළඟට යනවා" (appointment එක දාලා ඉවරයි). ඉංග්‍රීසියෙන් මේ වගේ දේවල් වලට present continuous හොඳටම ගැලපෙනවා.
Arrangements
- I'm seeing the doctor tomorrow.
- We're having dinner at Kasun's place on Saturday.
කෝච්චි, බස්, විභාග වගේ timetable එකක තියෙන දේවල් වලට simple present: The train leaves at 6.30. (Simple present)
"එනකොට", "ආපු ගමන්": will එපා
"මම ගෙදර ආපු ගමන් කතා කරන්නම්". when, after, before, as soon as, until වලට පස්සේ අනාගතය ගැන කිව්වත් simple present.
ඉල්ලීම: Will you …?
"ඔයා මට උදව් කරනවද?" → Will you help me? (පුළුවන් පාඩමේ තියෙන Could you …? වඩා ආචාරශීලීයි.)
Quick check
Tap an answer. Nothing is saved.
The phone is ringing. answer it.
We've saved money for months. We buy a car in May.
Look at the sky! It .
I'll come when I work.
මම අද රෑ ඒක යවන්නම්.
නංගි නර්සින් කරන්න යනවා.
Finished this one? Tick it off. It is saved on this device only.
