Engspire × Engreesi

මෙතනින් පටන්ගන්න

සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරනකොට අපි හැමෝම වගේ වරදින තැන් හයක්.

පන්තියේදී මම නිතරම දකින දෙයක් තියෙනවා. ගොඩක් අයට ඉංග්‍රීසි වචන හොඳට පුළුවන්. ඒත් වාක්‍යයක් කියනකොට ඒක වැරදෙනවා. ඒකට හේතුව වචන නොදන්නාකම නෙවෙයි. අදහස සිංහල වාක්‍යයක් විදියට හිතලා, ඊට පස්සේ ඒ සිංහල වාක්‍යය වචනයෙන් වචනය ඉංග්‍රීසියට හරවන එක තමයි ප්‍රධානම හේතුව.

සිංහලයි ඉංග්‍රීසියයි වාක්‍ය හදන විදිය වෙනස් තැන් ටිකක් තියෙනවා. ඒ තැන් ටික හඳුනගත්තොත්, අපි කරන වැරදි වලින් බාගයක් විතර නැති කරගන්න පුළුවන්. මේ කොටසේ තියෙන්නේ ඒ තැන් හය.

පාඩම් හය

  1. වචන පිළිවෙළ — සිංහලෙන් ක්‍රියාපදය අන්තිමට, ඉංග්‍රීසියෙන් දෙවැනියට.
  2. මම ගුරුවරයෙක් — am, is, are — සිංහලෙන් නැති වචනයක් ඉංග්‍රීසියෙන් ඕනෙ වෙන හැටි.
  3. පොතක්, පොත — a, an, the — -ක් එක a වෙන හැටි, සහ the කියන්නේ මොකක්ද කියලා.
  4. කවුද? — subject එක — සිංහලෙන් අතහරින උක්තය ඉංග්‍රීසියෙන් අනිවාර්යයි.
  5. ප්‍රශ්න — "ද" එකතු කරනවා වෙනුවට වචන පිළිවෙළ මාරු කරන හැටි.
  6. නෑ — negative වාක්‍ය — not එක යන තැන, සහ "ඔව් / නෑ" උත්තර.

මේ පාඩම් හය ඉවර කරලා, සිංහලෙන් කියන දේ ඉංග්‍රීසියෙන් කොටසට යන්න. එතන අපි "ඕනෙ", "පුළුවන්", "එපා" වගේ අපි දවස පුරාම කියන අදහස් ඉංග්‍රීසියෙන් කියන හැටි බලමු.