කරවනවා — have it done, make, let
කොණ්ඩේ කැපුවාද, කපා ගත්තද, කප්පවා ගත්තාද?
කැපුවා සහ කප්පවා ගත්තා
1. සේවාවක්: have / get something done
කඩේකට, බාස් කෙනෙක්ට, වෙන කෙනෙක්ට ගෙවලා කරවගන්න දේවල්.
have / get + දේ + past participle
have / get something done
- I had my car repaired. / I got my car repaired.
- We're having the house painted.
- I need to get my eyes tested.
- Where did you have your dress made?
get එක කතා කරනකොට වැඩියෙන් ඇහෙනවා. have ටිකක් විධිමත්.
2. බලෙන් කරවනවා: make someone do
කෙනෙක් ලවා දෙයක් ඒ කෙනාගෙ උවමනාවක් නැතුව කරවනවා නම් make. make + කෙනා + ක්‍රියාපදයේ මුල් ආකාරය (to එපා).
make
- The teacher made us write it again.
- The boss made us work on Saturday too.
- That film made me cry.
3. ඉඩ දෙනවා: let
"අම්මා මට යන්න දුන්නා" (යන්න ඉඩ දුන්නා). ඒකට let + කෙනා + මුල් ආකාරය. මෙතනත් to එපා.
let
- Amma let me go on the trip.
- Let me think.
- They didn't let us go inside.
allow කියන එකත් එකම අදහස, ඒත් ඒකට to ඕනෙ: They didn't allow us to go inside.
4. ඉල්ලලා කරවනවා: get someone to do
"මම කසුන් ලවා ඒක හදවගත්තා" (කසුන්ට කියලා). බලෙන් නෙවෙයි, ඉල්ලලා. ඒකට get + කෙනා + to + ක්‍රියාව.
get someone to do
- I got Kasun to fix it.
- I'll get my sister to bring the things.
මතක තියාගන්න: to තියෙනවද නැද්ද
| to? | උදාහරණ | |
|---|---|---|
| make | ❌ | made me wait |
| let | ❌ | let me go |
| have (කෙනෙක්) | ❌ | I'll have Kasun call you. |
| get | ✅ | got him to help |
| allow | ✅ | allowed us to leave |
Quick check
Tap an answer. Nothing is saved.
මම දත් වෛද්‍යවරයා ළඟ දත් ක්ලීන් කෙරෙව්වා.
The rain made us inside.
me help you with that bag.
I'll get the manager you back.
අපි වහලය හදවගත්තා.
තාත්තා මට එයාගේ කාර් එක එළවන්න දුන්නේ නෑ.
Finished this one? Tick it off. It is saved on this device only.

