Engspire × Engreesi

කියලා — said that, told me to, asked if

සිංහලෙන් කවුරුහරි කියපු දේට පස්සේ "කියලා" එනවා. ඉංග්‍රීසියෙන් say / tell / ask මුලට එනවා, ඒ වගේම ප්‍රශ්නයක පිළිවෙළ වෙනස් වෙනවා.

කියපු දේ: say, tell

said / told

  • She said she would come tomorrow.
  • Kasun told me he was sick.
  • The teacher said the exam was on Monday.

that එක දාන්නත් පුළුවන්, අතහරින්නත් පුළුවන්: She said (that) she was tired.

say ද tell ද?

tell එකට පස්සේ කාටද කියන එක එන්නම ඕනෙ. say එකට පස්සේ එන්නේ නෑ.

tell + person: He told me …

say + (to person): He said … / He said to me …

කාලය එක පියවරක් පස්සට

කියපු දේ අතීතයේ කිව්වා නම්, ඉංග්‍රීසියෙන් ගොඩක් වෙලාවට ඒ වාක්‍යයත් අතීතයට යනවා: is → was, will → would, can → could.

එයා කිව්ව වචනඔයා පස්සේ කියන හැටි
"I am tired."She said she was tired.
"I will come."She said she would come.
"I can help."He said he could help.

කියපු දේ තාමත් ඇත්ත නම් මාරු නොකරත් කමක් නෑ: He said the shop is closed on Sundays.

කරන්න කිව්වා: told me to

"අම්මා මට කලින් එන්න කිව්වා". කෙනෙක්ට යමක් කරන්න කියනකොට tell + කෙනා + to + ක්‍රියාව.

told me to

  • Amma told me to come home early.
  • The doctor told me to cut down on sugar.
  • She told me not to tell anyone.
  • I asked her to help me.

ඇහුවා: asked if, asked where

"එයා මගෙන් ඇහුවා මම එනවද කියලා". අහපු ප්‍රශ්නයක් වෙන කෙනෙක්ට කියනකොට ඉංග්‍රීසියෙන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි, සාමාන්‍ය වාක්‍යයක් වගේ: subject එක මුලින්, helper එක පස්සේ. do / did නෑ, ? නෑ.

ඔව් / නෑ ප්‍රශ්නයක් → asked if / whether + subject + verb

question word එකක් → asked where / when / why … + subject + verb

asked

  • She asked if I was coming.
  • They asked where I lived.
  • I asked him why he was late.

Do you know …?, Can you tell me …? වගේ ආචාරශීලී ප්‍රශ්න වලත් මේ පිළිවෙළමයි: Can you tell me where the bank is? (not where is the bank).

"කියලා" තවත් තැන් දෙකක

හිතනවා, දන්නවා, බලාපොරොත්තු වෙනවා එක්ක, "කියලා" → that (නැත්නම් කිසිම දෙයක් නෑ):

think / know / hope

  • I thought (that) you weren't coming.
  • I know (that) you're busy.
  • I hope (that) you get well soon.

නමක් කියනකොට, "කසුන් කියලා කෙනෙක්" → called හෝ named:

called

  • Someone called Kasun came to see you.
  • There's a temple called Malwatta in our village.

Quick check

Tap an answer. Nothing is saved.

  1. The manager us that the shop would close early.

  2. She that she was hungry.

  3. The guard told me outside.

  4. I asked a man .

  5. එයා ඇහුවා මම කෑවද කියලා.

  6. අයියා මට කිව්වා බය වෙන්න එපා කියලා.

Finished this one? Tick it off. It is saved on this device only.