එපා — don't, mustn't, shouldn't
කෙනෙක්ට දෙයක් නොකර ඉන්න කියන හැටි, කෙනෙක්ව ආචාරශීලීව ප්‍රතික්ෂේප කරන හැටි, සහ "එපා" සහ "ඕනෙ නෑ" අතර වෙනස.
1. විධානය: Don't + verb
කෙනෙක්ට යමක් කරන්න එපා කියනකොට Don't + ක්‍රියාපදයේ මුල් ආකාරය (V1). Subject එකක් එපා.
Don't
- Don't come.
- Don't worry. / Don't be afraid.
- Don't touch that!
- Please don't park here.
ගොඩක් ඉංග්‍රීසි කතා කරන අයට කෙලින්ම Don't … කියන එක ටිකක් තදයි. "ලොකු" කෙනෙක්ට, පාරිභෝගිකයෙක්ට වගේ නම් Please don't … හෝ Could you not …? කියන්න.
2. නීතිය: mustn't
නීතියක් නිසා, තහනම් නිසා කරන්න බැරි දේ නම් mustn't (must not). බෝඩ් වල, නීති වල ගොඩක් දකින්න පුළුවන්.
mustn't
- You mustn't bring phones into the exam hall.
- You mustn't tell anyone your PIN.
- No smoking.
3. උපදෙස: shouldn't
"එහෙම කරන එක හොඳ නෑ" කියන අදහසින් නම් shouldn't.
shouldn't
- You shouldn't eat too much sugar.
- You shouldn't use your phone late at night.
- We shouldn't leave without telling anyone.
4. මට එපා: No, thank you
කෙනෙක් යමක් දෙනකොට අපි කියනවා "මට එපා" කියලා. ඉංග්‍රීසියෙන් I don't want කියලා විතරක් කිව්වම ඒක හරිම රළුයි වගේ ඇහෙනවා.
Saying no politely
- Would you like some tea? — No, thank you.
- No, thanks. I'm full.
- Do you need a bag? — No, I'm fine, thanks.
"එපා" සහ "ඕනෙ නෑ"
සිංහලෙන් මේ දෙක ළඟ ළඟ තිබුණත්, තේරුම වෙනස්. ඉංග්‍රීසියෙනුත් වෙනස්.
| සිංහල | English | තේරුම |
|---|---|---|
| ඔයා එන්න එපා. | Don't come. / You mustn't come. | එන්න බෑ, එන එක හොඳ නෑ |
| ඔයා එන්න ඕනෙ නෑ. | You don't have to come. / There's no need to come. | එන්න අවශ්‍ය නෑ, ආවට කමක් නෑ |
බෝනස්: එපා වෙනවා
More
- I'm fed up with this job. / I'm tired of this job.
- I'm sick of that song.
Quick check
Tap an answer. Nothing is saved.
දොර අරින්න එපා.
The bus is free. You pay.
You drive without a licence.
(කෙනෙක් කේක් එකක් දෙනකොට) මට එපා.
කුඩේ අමතක කරන්න එපා.
ඔයා ඔච්චර කෝපි බොන්න හොඳ නෑ.
Finished this one? Tick it off. It is saved on this device only.
