නේද? — isn't it, don't you, right
සිංහලෙන් හැම වාක්‍යයකටම එකම "නේද?". ඉංග්‍රීසියෙන් වාක්‍යය අනුව tag එක වෙනස් වෙනවා. ඉක්මන් විසඳුමක් තමයි "right?"
tag එක හදන හැටි
- වාක්‍යයේ helper එක හොයාගන්න (
is,can,will,have…). නැත්නම්do / does / did. - Positive නම් tag එක negative කරන්න. Negative නම් positive.
- Subject එක
he,she,it,theyවගේ pronoun එකක් කරන්න.
| වාක්‍යය | tag | සිංහල |
|---|---|---|
| It is hot today, | isn't it? | අද රස්නෙයි නේද? |
| You can drive, | can't you? | ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන් නේද? |
| Kasun will come, | won't he? | කසුන් එයි නේද? |
| You live in Kandy, | don't you? | ඔයා මහනුවර නේද ඉන්නේ? |
| She went home, | didn't she? | එයා ගෙදර ගියා නේද? |
| They aren't here yet, | are they? | එයාලා තාම ආවේ නෑ නේද? |
| You haven't eaten, | have you? | ඔයා කෑවේ නෑ නේද? |
විශේෂ දෙකක්: I'm late, aren't I? (not amn't I) සහ Let's go, shall we?
ලංකාවේ "isn't it?"
ඉක්මන් විසඳුම: right?
Tag එක හදන්න හිතන්න වෙලාවක් නැත්නම්, කතා කරනකොට ඕනෙම වාක්‍යයකට අගට right? දාන්න පුළුවන්. ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ හැමෝටම තේරෙනවා, සාමාන්‍ය කතාවේ ගොඩක් ඇහෙනවා.
right?
- You're coming tomorrow, right?
- The meeting's at ten, right?
- You haven't eaten, right?
ලියනකොට, විධිමත් email එකක right? එපා. එතන හරියටම tag එක දාන්න, නැත්නම් සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න: Could you confirm that the meeting is at ten?
කටහඬ
- බස්සලා කිව්වම (↘): "මම දන්නවා, ඔයා එකඟ වෙයි කියලා හිතනවා". Nice day, isn't it? ↘
- උස්සලා කිව්වම (↗): "ඇත්තටම මම දන්නේ නෑ, කියන්න". You've paid, haven't you? ↗
උත්තරය
උත්තරය දෙන්නේ ඇත්ත සිද්ධිය අනුව (negative පාඩම වගේම):
You haven't eaten, have you?
No, I haven't. (කෑවේ නෑ) / Yes, I have. (කෑවා)
Quick check
Tap an answer. Nothing is saved.
Nimali is your cousin, ?
They play cricket every Sunday, ?
He can't speak Tamil, ?
You went to Jaffna last week, ?
ඔයා ගාල්ලේ නේද?
බස් එක ගිහින් නේද?
Finished this one? Tick it off. It is saved on this device only.
කියලා — said that, told me to, asked if
සිංහලෙන් කවුරුහරි කියපු දේට පස්සේ "කියලා" එනවා. ඉංග්‍රීසියෙන් say / tell / ask මුලට එනවා, ඒ වගේම ප්‍රශ්නයක පිළිවෙළ වෙනස් වෙනවා.
-ත්, -ම, -ලු, වගේ, විතර, තව
සිංහල වචන වල අගට එන පුංචි කෑලි සහ කුඩා වචන, ඉංග්‍රීසියෙන් too, either, myself, apparently, like, about, still, yet.
