කරනවා, කළා, කරලා — සිංහල කාල ඉංග්රීසියට
සිංහලෙන් "කරනවා" එකකින් කියන දේට ඉංග්රීසියෙන් tense දෙකක්.
"කරනවා": tense දෙකක්
සිංහලෙන් "මම තේ බොනවා" කියන එකේ තේරුම් දෙකක් තියෙන්න පුළුවන්: "මම හැමදාම තේ බොනවා" (පුරුද්දක්), නැත්නම් "මම දැන් තේ බොනවා" (මේ මොහොතේ). ඉංග්රීසියෙන් මේ දෙකට ආකාර දෙකක්.
| සිංහල | තේරුම | English |
|---|---|---|
| මම හැමදාම උදේට තේ බොනවා. | පුරුද්දක් | I drink tea every morning. |
| මම දැන් තේ බොනවා. කෝල් කරන්නම්. | මේ මොහොතේ | I'm drinking tea now. I'll call you. |
| එයා බැංකුවක වැඩ කරනවා. | ස්ථිර තත්ත්වයක් | She works at a bank. |
| එයා මේ දවස් වල ගෙදර ඉඳන් වැඩ කරනවා. | ටික කාලෙකට | She's working from home these days. |
වැඩිපුර කියවන්න: Simple present, Present continuous.
"කළා": simple past
"ඊයේ", "ගිය සතියේ", "2019 දී" වගේ ඉවර වුණු කාලයක සිද්ධ වුණු දෙයක් නම් simple past.
Simple past
- I met Kasun yesterday.
- We went to Japan last year.
- She finished school in 2015.
"කරලා තියෙනවා": present perfect
සිංහලෙන් "කරලා තියෙනවා", "කරලා ඉවරයි", "ගිහින්" වගේ ආකාර වලින් කියන්නේ ඉවර වුණු දෙයක් දැනට බලපානවා කියලා. ඉංග්රීසියෙන් ඒකට have / has + past participle.
Present perfect
- I've already eaten.
- She has gone to the office.
- I've lost my phone.
- Have you ever eaten string hoppers?
"කෑවද?" කියලා අහනකොට Did you eat? සහ Have you eaten? දෙකම හරි. ඇමරිකන් ඉංග්රීසියේ did වැඩියෙන් ඇහෙනවා.
"අවුරුදු දහයක් තිස්සේ": since, for
"මම අවුරුදු දහයක් තිස්සේ මෙහෙ ඉන්නවා". සිංහලෙන් වර්තමාන කාලය. ඒත් අතීතයේ පටන් අරන් දැනටත් තියෙන දෙයක් නිසා ඉංග්රීසියෙන් present perfect.
I have + past participle + for + කාල පරාසයක් (ten years, two months)
I have + past participle + since + පටන් ගත්ත වෙලාව (2015, Monday, I was small)
අතීතයේ ඇතුළේ: was doing, had done
Past continuous and past perfect
- I was having a shower when you called.was doing
- The bus had already left when we got there.had done
වැඩිපුර කියවන්න: Past continuous, Past perfect, Present perfect.
අනාගතය (කරයි, කරන්නම්, කරන්න යනවා) ගැන ඊළඟ පාඩමේ.
Quick check
Tap an answer. Nothing is saved.
Sorry, I can't talk now. I dinner.
We to the temple every Poya day.
I a good film last night.
My father has worked in Qatar three years.
මම 2020 ඉඳන් මෙහෙ වැඩ කරනවා.
අම්මා පොළට ගිහින්.
phone එක රිං වෙනකොට මම නිදාගෙන හිටියෙ.
Finished this one? Tick it off. It is saved on this device only.

