Engspire × Engreesi

තියෙනවා / ඉන්නවා — have, there is, be

මට කාර් එකක් තියෙනවා, ගමේ පන්සලක් තියෙනවා, පොත මේසේ උඩ තියෙනවා. සිංහලෙන් එක වගේ, ඉංග්‍රීසියෙන් තුනක්.

1. අයිතිය: have

"මට කාර් එකක් තියෙනවා". ඕනෙ, පුළුවන් වගේම, "මට" → I. "තියෙනවා" → have (he / she / it → has).

have / has

  • I have a car.
  • My sister has two children.
  • Do you have a pen?
  • I don't have that much money.
  • We had a house in the village before.

පුද්ගලයෝ ගැන කියනකොට සිංහලෙන් "ඉන්නවා" කිව්වත් ඉංග්‍රීසියෙන් have: "මට අයියලා දෙන්නෙක් ඉන්නවා" → I have two brothers.

ලෙඩ, ප්‍රශ්න, රැස්වීම් වගේ දේවල් වලටත් have:

have: more uses

  • I have a fever.
  • I have a meeting today.
  • I have a question.

2. යමක් තියෙනවා: there is, there are

කවුරුවත් අයිති නැති, අලුතෙන් කියන දෙයක් කොහේ හරි තියෙනවා නම් there is (එකක්) හෝ there are (කිහිපයක්).

there is / there are

  • There is a temple in my village.
  • There are two shops near my house.
  • There are thirty students in the class.
  • Is there any milk in the fridge?
  • There's nobody in the shop.
  • There was heavy rain yesterday.

3. දන්න දෙයක් තියෙන තැන: is / are

"පොත මේසේ උඩ තියෙනවා". මෙතන කියන්නේ අපි දෙන්නම දන්න පොතක් (the book) කොහෙද තියෙන්නේ කියලා. ඒකට there is එපා. is / are ඇති.

අලුත් දෙයක් (a)දන්න දෙයක් (the)
මේසේ උඩ පොතක් තියෙනවා.පොත මේසේ උඩ තියෙනවා.
There is a book on the table.The book is on the table.
ගේට්ටුව ළඟ කාර් එකක් තියෙනවා.ඔයාගේ කාර් එක ගේට්ටුව ළඟ තියෙනවා.
There is a car at the gate.Your car is at the gate.

ඉන්නවා: be, live, stay

"ඉන්නවා" කියන්නේ මිනිස්සු, සතුන් ගැන කියන "තියෙනවා". ඒත් ඉංග්‍රීසියෙන් තේරුම අනුව වචන කිහිපයක්:

ඉන්නවා

  • Amma is at home.where someone is
  • Where are you?where someone is
  • I live in Kandy.home
  • I'm staying at my aunt's place in Colombo for a week.for a short time
  • There's no place for me to sit.

ලංකාවේදී අපි Where are you staying? කියලා අහන්නේ "ඔයාගේ ගෙදර කොහෙද?" කියන අදහසින්. ලංකාවේ අයට ඒක හොඳට තේරෙනවා. ඒත් රට වලදී stay කියන්නේ ටික කාලෙකට ඉන්න එකට (හෝටලයක, කෙනෙක්ගේ ගෙදර). ස්ථිරව ඉන්න තැන ගැන අහනවා නම් Where do you live?

Quick check

Tap an answer. Nothing is saved.

  1. My uncle a small shop in Matara.

  2. මහනුවර ලොකු වැවක් තියෙනවා.

  3. five buses to Galle every morning.

  4. මගේ phone එක ඇඳ උඩ තියෙනවා.

  5. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා.

  6. මෙතන ළඟ ATM එකක් තියෙනවද?

  7. මම ඉන්නේ මීගමුවේ.

Finished this one? Tick it off. It is saved on this device only.