Engspire × Engreesi

ප්‍රශ්න — Questions

ඔව්/නෑ ප්‍රශ්න, question word ප්‍රශ්න, "තේද කෝපිද?" ප්‍රශ්න, preposition එකක් එක්ක එන ප්‍රශ්න, සහ ආචාරශීලීව අහන ප්‍රශ්න.

ප්‍රශ්න හදන මූලික විදිය, helper එක මාරු කරන හැටි සහ question words ලැයිස්තුව ද? — ප්‍රශ්න පාඩමේ තියෙනවා. ඒක මුලින් කියවන්න. මෙතන අපි ඊළඟ පියවර බලමු.

1. ඔව් / නෑ ප්‍රශ්න

උත්තරය yes හෝ no. කෙටි උත්තරයක් දෙනකොට ප්‍රශ්නයේ helper එකමයි උත්තරයටත් එන්නේ.

ප්‍රශ්නයකෙටි උත්තරය
Are you ready?Yes, I am. / No, I'm not.
Can she drive?Yes, she can. / No, she can't.
Do you like kottu?Yes, I do. / No, I don't.
Did they call?Yes, they did. / No, they didn't.
Have you eaten?Yes, I have. / No, I haven't.

2. Question word ප්‍රශ්න

මූලික පිළිවෙළ: question word + helper + subject + verb. මේ කොටසේ ගොඩක් අයට අමාරු how එක්ක එන කොටස්:

how + …

  • How old are you?
  • How far is it to Colombo?
  • How long have you lived here?
  • How often do you go home?
  • How tall are you?

what සහ which එක්ක නාම පදයක් එනවා: What time is it? Which bus goes to Kandy? What kind of music do you like?

3. තෝරන්න දෙන ප්‍රශ්න: or

"තේද කෝපිද?" සිංහලෙන් හැම විකල්පයකටම "ද" එකක්. ඉංග්‍රීසියෙන් or එකක් විතරයි, අන්තිම විකල්පයට කලින්.

or

  • Would you like tea or coffee?
  • Are we going by bus or by train?
  • Are you coming today or tomorrow?

මේ ප්‍රශ්නයට yes / no උත්තරයක් දෙන්නේ නෑ: Tea, please.

4. කවුද කළේ? Subject ප්‍රශ්න

who / what එකෙන් කරපු කෙනා ගැන අහනවා නම් do / did එපා, පිළිවෙළ මාරු කරන්නේත් නෑ. who එකෙන් කරපු දේට ලක් වුණු කෙනා ගැන අහනවා නම් සාමාන්‍ය විදියට did.

අහන්නේප්‍රශ්නයසිංහල
කරපු කෙනාWho called you?කවුද ඔයාට කතා කළේ?
කතා කළේ කාටදWho did you call?ඔයා කතා කළේ කාටද?
වුණු දේWhat happened?මොකද වුණේ?
ඔයා කරපු දේWhat did you do?ඔයා මොකද කළේ?

5. Preposition එක අගට

"ඔයා කාත් එක්කද ගියේ?" සිංහලෙන් "එක්ක" එන්නේ "කා" එක්කමයි. ඉංග්‍රීසියෙන් කතා කරනකොට preposition එක ගොඩක් වෙලාවට ප්‍රශ්නයේ අගට යනවා.

Preposition at the end

  • Who did you go with?
  • Where are you from?
  • What are you looking for?
  • What are you talking about?

(විධිමත් ලියවිල්ලක With whom did you go? කියලා ලියන්නත් පුළුවන්. කතාවේදී නම් අමුතුයි.)

6. ආචාරශීලී ප්‍රශ්න: Could you tell me …?

නොදන්න කෙනෙක්ගෙන්, ඔෆිස් එකක, කෙලින්ම ප්‍රශ්නයක් අහනවාට වඩා Could you tell me …?, Do you know …? වලින් පටන් ගන්න පුළුවන්. එතකොට ඇතුළේ තියෙන ප්‍රශ්නය සාමාන්‍ය පිළිවෙළට යනවා: subject එක, ඊට පස්සේ verb එක.

කෙලින්මආචාරශීලීව
Where is the bank?Could you tell me where the bank is?
What time does the bus leave?Do you know what time the bus leaves?
Is this seat free?Do you know if this seat is free?

Quick check

Tap an answer. Nothing is saved.

  1. Do you like spicy food?

  2. is your grandmother?

  3. කවුද ඔයාට කතා කළේ?

  4. Excuse me, could you tell me ?

  5. ඔයා කවුරු එනකම්ද බලන් ඉන්නේ?

  6. ඔයාට බත්ද නූඩ්ල්ස්ද ඕනෙ?

  7. ගාල්ලට යන්න කොච්චර වෙලා යනවද?

Finished this one? Tick it off. It is saved on this device only.