Engspire × Engreesi

ප්‍රකාශ — Statements

ඉංග්‍රීසි ප්‍රකාශන වාක්‍ය හැදෙන්නේ පිළිවෙළවල් පහකින්.

වචන පිළිවෙළ පාඩමේදී අපි දැක්කා ක්‍රියාපදය දෙවැනියට එනවා කියලා. මෙතන අපි තව ටිකක් ගැඹුරට යනවා: ක්‍රියාපදයට පස්සේ මොනවද එන්නේ?

වාක්‍යයක කොටස්

කොටසසිංහලප්‍රශ්නයඋදාහරණ
Subjectකර්තෘ / උක්තයකවුද? මොකක්ද?Kasun plays cricket.
Verbක්‍රියාවමොකද කරන්නේ / වෙන්නේ?Kasun plays cricket.
Objectකර්මයකාවද? මොනවද?Kasun plays cricket.
Complementපූරකයකවුරු / කොහොම කෙනෙක්ද?Kasun is a good player.
Adverbialවිස්තරයකොහෙද? කවදාද? කොහොමද?Kasun plays on Sundays.

Adverbial එක (තැන, වෙලාව, විදිය) ඕනෙම පිළිවෙළකට අගට එකතු කරන්න පුළුවන්.

1. S + V

සමහර ක්‍රියාපද වලට පස්සේ කිසිම දෙයක් අවශ්‍ය නෑ. "කවුද?" "මොනවද?" කියලා අහන්න දෙයක් නෑ.

S + V

  • The baby is sleeping.
  • The bus arrived.
  • We laughed.
  • The water tank is leaking at the bottom.+ place

2. S + V + O

"මොනවද?" "කාවද?" කියලා අහන්න පුළුවන් ක්‍රියාපද. උත්තරය තමයි object එක. ඉංග්‍රීසියෙන් object එක ක්‍රියාපදයට පස්සේ, සිංහලෙන් කලින්.

S + V + O

  • Amma cooked rice.
  • I saw Kasun.
  • She bought a new phone.

3. S + V + C

be, become, look, feel, seem වගේ ක්‍රියාපද වලට පස්සේ එන්නේ object එකක් නෙවෙයි, subject එක ගැන විස්තරයක්. ඒකට කියන්නේ complement එක.

S + V + C

  • My brother is a driver.
  • The food has gone cold.
  • She became the manager.
  • You look happy.

4. S + V + O + O

"මම කසුන්ට පොතක් දුන්නා". Object දෙකක්: කාටද (කසුන්ට) සහ මොනවද (පොතක්). ඉංග්‍රීසියෙන් පිළිවෙළ දෙකක් තියෙනවා.

give + person + thing → I gave Kasun a book.

give + thing + to person → I gave a book to Kasun.

give, send, show, tell, bring, buy, make, teach, lend මේ විදියට එනවා. (buy සහ make එක්ක දෙවැනි පිළිවෙළ තමයි for: I bought a saree for Amma.)

Two objects

  • I bought Amma a saree. / I bought a saree for Amma.
  • Show me your photos.
  • Achchi told us a story.

5. S + V + O + C

Object එක මොන තත්ත්වයකට පත් වුණාද, මොකක් කියලා කියනවද කියලා කියන වාක්‍ය.

S + V + O + C

  • The news made her happy.
  • We called the dog Bruno.
  • They made him captain of the cricket team.
  • Please keep the door open.

දිගු වාක්‍ය: and, but, because

පුංචි ප්‍රකාශ දෙකක් and, but, so, because වලින් එකට යා කරන්න පුළුවන්. හැම කොටසකටම තමන්ගේම subject එකයි verb එකයි තියෙනවා.

Joining statements

  • I was hungry, so I ordered some food.
  • She came, but she left early.
  • We didn't go because it was raining.

Quick check

Tap an answer. Nothing is saved.

  1. (කේක් එක ගැන) මම කැමතියි.

  2. එයා මට පාඩම පැහැදිලි කළා.

  3. Which pattern? My sister is a nurse.

  4. Which pattern? The film made us happy.

  5. මම අයියාට message එකක් යැව්වා.

  6. අපි අපේ කඩේට කසුන් ස්ටෝර්ස් කියලා නම දැම්මා.

Finished this one? Tick it off. It is saved on this device only.