Idioms - භාෂා රීති
ඉංග්‍රීසි idioms, සිංහලෙන් ඒ වගේම කියමනක් තියෙන තැන් සහ නැති තැන්. වචනයෙන් වචනය හැරෙව්වොත් තේරුම නැති වෙන්නේ ඇයි.
සිංහලෙනුත් තියෙන ඒවා
| English | සිංහල | තේරුම |
|---|---|---|
| kill two birds with one stone | එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා | එක වැඩකින් දේවල් දෙකක් කරගන්නවා |
| like a frog in a well | ළිඳේ මැඩියා වගේ | ලෝකය ගැන නොදන්න කෙනෙක් |
| out of the frying pan into the fire | ගිනි කබලෙන් ලිපට වැටුණා වගේ | ප්රශ්නයකින් බේරෙන්න ගිහින් ඊට වඩා ලොකු එකකට |
| when it rains, it pours | ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ | කරදර එකට එකක් එනවා |
| empty vessels make the most noise | අඩ කළේ දිය සැලේ | අඩුවෙන් දන්න අය වැඩියෙන් කතා කරනවා |
| add fuel to the fire | ගින්නට තෙල් දැම්මා වගේ | ප්රශ්නයක් තවත් නරක් කරනවා |
| barking dogs seldom bite | බුරන බල්ලා හපන්නේ නෑ | තර්ජනය කරන අය ගොඩක් වෙලාවට කරන්නේ නෑ |
In a sentence
- I went to Colombo for my visa and visited my sister too. I killed two birds with one stone.
- First he lost his flat, now his job. When it rains, it pours.
සිංහලෙන් නැති, ගොඩක් ඇහෙන ඒවා
| Idiom | තේරුම | උදාහරණ |
|---|---|---|
| a piece of cake | හරිම ලේසියි | The exam was a piece of cake. |
| break the ice | අලුත් අය අතර නිශ්ශබ්දතාව බිඳිනවා | He told a joke to break the ice. |
| under the weather | පොඩි අසනීපයක් | I'm feeling a bit under the weather. |
| cost an arm and a leg | හරිම ගණන් | That phone cost an arm and a leg. |
| once in a blue moon | හරිම කලාතුරකින් | We go to the cinema once in a blue moon. |
| hit the nail on the head | හරියටම හරි දේ කියනවා | You hit the nail on the head. |
| on the same page | එකම අදහසින් ඉන්නවා | Let's make sure we're on the same page. |
| speak of the devil | කතා කරනකොටම එනවා | Speak of the devil! Here's Kasun now. |
| call it a day | අද වැඩ ඇති | It's eight o'clock. Let's call it a day. |
| in hot water | කරදරේක | He's in hot water with his boss. |
වචනයෙන් වචනය හරවන්න එපා
සිංහල කියමනක් ඉංග්‍රීසියට වචනයෙන් වචනය හැරෙව්වම, සිංහල දන්නේ නැති කෙනෙක්ට කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
Idiom එකක් හරියට නොදන්නවා නම් පාවිච්චි කරන්න එපා. තේරුම සරලව කියන එක වැරදි idiom එකකට වඩා හොඳයි.
Quick check
Tap an answer. Nothing is saved.
The test was a piece of cake. It was .
The wedding cost an arm and a leg. It was .
I'm under the weather today. I feel .
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා.
අද වැඩ ඇති, අපි නවත්තමු.
කතා කරනකොටම ආවා!
Finished this one? Tick it off. It is saved on this device only.


