වාක්‍ය හැදෙන හැටි

වාක්‍ය හැදෙන හැටි

Sentences

අදහස් හුවමාරු කරගන්න භාෂාවක භාවිතා කරන ප්‍රධානම දෙය තමයි වාක්‍ය කියලා කියන්නේ. කවුරුහරි අපෙන් ඇහුවොත් වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා, අපිට කියන්න වෙන්නේ වාක්‍යයක් කියල කියන්නේ සම්පූර්ණ අදහසක් කියන එක. සම්පූර්ණ අදහසක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න අපි උදාහරණ කිහිපයක් දිහා බලමු.

“මම කියවන්න කැමතියි” කියන වචන ටික ගත්තම, ඒ වචන ටික ඇතුලෙ තියෙන අදහස සම්පූර්ණයි.

“මම කියවන වෙලාවට...” කියන වචන ටික ගත්තම, ඒ වචන ටිකෙන් එහාට තවත් වචන එන්න ඕනේ කියන එක අපිට දැනෙනවා. ඒ කියන්නේ ඒ අදහස සම්පූර්ණ නැහැ.

වාක්‍යයක් කියන එක ඇතුලෙත් තියෙන්නේ මේ දේ. වාක්‍යයක් කියන්නේ සම්පූර්ණ අදහසක් ගැබ් වෙලා තියෙන වචන සෙට් එකක එකතුවක්.

වාක්‍ය ගැන අපි දැනගන්න ඕන ඊළඟ වැදගත් කාරණාව තමයි වාක්‍ය කියල කියන්නේ ප්‍රකාශ වලට විතරක් නොවන බව.

ඒ කියන්නේ “මම කියවන්න කැමතියි” කියන ප්‍රකාශය වාක්‍යයක්.

ඒ වගේම “ඔයා කියවන්න කැමතිද?” කියන ප්‍රශ්නය වගේම, “ඔයාට පුළුවන් තරම් කියවන්න” කියන විධානයත් වාක්‍යයක්.

ඒ වගේම “කවුද කෙටි කතා කියවන්නේ?” කියන ප්‍රශ්නයත්, “ඔයා මොන වර්ගයේ පොත්ද කියවන්නේ?” කියන ප්‍රශ්නයත් වාක්‍යම තමයි.

අපි ඉංග්‍රීසියෙන් ලියවුණු මේ වාක්‍ය කිහිපය දිහා බලමු.

I like to read.
මම කියවන්න කැමතියි.

Do you like to read?
ඔයා කියවන්න කැමතිද?

Who reads short stories?
කවුද කෙටි කතා කියවන්නේ?

What kind of books do you read?
ඔයා මොන වර්ගයේ පොත්ද කියවන්නේ?

Read as much as you can.
ඔයාට පුළුවන් තරම් කියවන්න.

අපි මේ දැකපු වාක්‍ය වර්ග පිළිවෙලින් පෙළගැස්සුවොත්, ප්‍රකාශ, ප්‍රශ්න, සහ විධාන කියන වර්ග තුනම වාක්‍ය හැටියට දකින්න පුළුවන්.

  1. ප්‍රකාශ — Statements (Declarative)

  2. ප්‍රශ්න — Questions (Interrogative)

  3. විධාන — Commands (Imperative)

ඊළඟ පාඩම්වලදී අපි මේ එක එකක් ගැන විස්තරාත්මකව කතා කරමු.