Reciprocal Pronouns
අන්‍යෝන්‍යබව අඟවන සර්වනාම
අපි reflexive pronouns
ඉගෙනගනිද්දී දැකපු ක්‍රියාව කරන කෙනා සහ ක්‍රියාවට යටත්වෙන කෙනා අය දෙදෙනාම එක් අයෙක් විදියට නොවී, පළමුවැන්නා සහ දෙවැන්නා එකම ක්‍රියාව, පළමුවැන්නා විසින් දෙවැනියාට, දෙවැනියා විසින් පළමුවැන්නාටත් කරන විට යෙදෙන සර්වනාම reciprocal pronouns
ලෙස හැඳින්වෙනවා.
each other
- එකිනෙකා -- දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් එකම ක්‍රියාව එකිනෙකා වෙනුවෙන් අන්‍යෝන්‍ය වශයෙන් කරද්දී...
Kasun helps Nuwan with his studies.
කසුන් නුවන්ට ඉගෙනීම් කටයුතුවලට උදව් කරනවා.
Nuwan helps Kasun with his studies.
නුවන් කසුන්ට ඉගෙනීම් කටයුතුවලට උදව් කරනවා.
Kasun and Nuwan help each other with their studies.
කසුන් සහ නුවන් එකිනෙකාට ඉගෙනීම් කටයුතුවලට උදවු කරගන්නවා.
one another
- එකිනෙකා -- දෙදෙනෙක්ට වැඩි ගණනක් එකම ක්‍රියාව එකිනෙකා වෙනුවෙන් අන්‍යෝන්‍ය වශයෙන් කරද්දී...
The children used to play with one another.
ළමයි ටික එකිනෙකා සමඟ සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා.
Reflexive vs Reciprocal
Reflexive Pronoun | Reciprocal Pronoun |
---|---|
Kasun and Supuni hate themselves. | Kasun and Supuni hate each other. |
කසුන් සහ සුපුනි තමන්ටම වෛර කරගන්නවා. | කසුන් සහ සුපුනි එකිනෙකාට වෛර කරනවා. |
Kasun hates himself. 🙇🏻♂️ Supuni hates herself. 🙇🏻♀️ | Kasun hates Supuni. 🙍🏻♂️ Supuni hates Kasun. 🙍🏻♀️ |