Nouns - නාම පද
නාම පද කියලා කියන්නේ පුද්ගලයෙක්, සතෙක්, තැනක්, හෝ දෙයක් හැඳින්වීමට යෙදෙන වචන. ඒ වගේම අදහසක් හැඟීමක් හා ගුණාංගයක් ගැන කතා කරන්න පාවිච්චි කරන වචනත් නාම පද විදියට අපි හඳුන්වනවා.
Types of Nouns
නාම පද ගැන කතා කරනකොට අපිට නාම පද විවිධ විදියට වර්ගීකරණය කරන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නෙ නෑ එක නාම පදයක් මේ එක වර්ගයකට විතරයි අයිති වෙන්න කියලා. අපි ඒ නාම පදය දිහා බලන විදිය අනුව මේ වර්ගීකරණයන්ගෙන් එකකට අයත් වෙන්න පුළුවන්.

- Common nouns & Proper nouns
- Concrete nouns & Abstract nouns
- Countable nouns & Uncountable nouns
- Singular nouns & Plural nouns
- Masculine nouns & Feminine nouns
- Collective nouns
- Compound nouns
Common nouns & Proper nouns
පුද්ගලයෙක්, සතෙක්, ස්ථානයක්, හෝ යම් දෙයක් පොදුවේ හැඳින්වීමට පාවිච්චි කරන වචනයක් common noun
එකක් ලෙස හැඳින්වෙනවා. පුද්ගලයෙක්, සතෙක්, ස්ථානයක්, හෝ යම් දෙයක් විශේෂිතව හඳුන්වන්න ඒ පුද්ගලයාට, සතාට, ස්ථානයට, හෝ ඒ දෙයට ආවේනික නමක් යොදනවිට ඒ වචනය proper noun
එකක් ලෙස හැඳින්වෙනවා.
Common noun | Proper noun |
---|---|
country | Sri Lanka, India, England... |
city | Colombo, Kandy, Galle... |
river | Mahaweli, Kalu, Amazon... |
mountain | Everest, Adam's Peak, Himalaya... |
person | John, Mary, Peter... |
dog | Rex, Bruno, Lassie... |
Concrete nouns & Abstract nouns
අපේ සංවේදන ඉන්ද්‍රියන්ට -- ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, හා සමට දැනෙන ද්‍රව්‍ය සහ දේවල් ගැන කතා කරන්න භාවිතා කරන වචන concrete nouns
ලෙස හැඳින්වෙනවා. අපේම ඉන්ද්‍රියයන්ට නොදැනෙන අනිත් දේවල් ඒ කියන්නේ අදහස් සංකල්ප හැඟීම්ට වගේ දේවල් ගැන කතා කරන්න භාවිතා කරන වචන abstract nouns
ලෙස හැඳින්වෙනවා.
Examples of concrete nouns |
---|
tree, dog, cat, house, car, book, pen, table, chair, computer, phone, water, air, fire, earth, sky, sun, moon, stars, hospital, carpet, bank, child, elephant, house |
Examples of abstract nouns |
---|
love, hate, kindness, anger, happiness, sadness, beauty, truth, courage, wisdom, intelligence, knowledge, freedom, justice, peace, war, success, failure, hope, faith, patience, friendship, loyalty, honesty, respect, trust, sympathy, empathy, death |
Countable nouns & Uncountable nouns
වෙන් වෙන් වශයෙන් ගණන් කළ හැකි කියන අදහසින් නාම පද countable nouns
ලෙස හැඳින්වෙනවා. එසේ නොවන නාම පද uncountable nouns
ලෙසත් හැඳින්වෙනවා.
Examples of countable nouns |
---|
book, pen, table, chair, computer, phone, tree, dog, cat, house, car |
Examples of uncountable nouns | Category |
---|---|
water, air, fire, earth, sky, sun, moon, stars | Natural Elements |
milk, sugar, salt, tea, coffee, rice, flour, bread, butter, cheese, meat, fish, chicken, beef, pork, lamb, fruit, vegetable, oil, honey, jam, juice | Food & Ingredients |
pepper, salt, sugar, oil | Seasonings & Condiments |
tea, coffee, milk, juice, wine, beer, whisky, vodka, brandy, rum, gin | Beverages |
සමහර වචන යෙදෙන අර්ථය අනුව වෙනස් වෙලා සමහර තැන් වලදී Countable [C]
විදියටත් තවත් සමහර තැන්වලට Uncountable [U]
විදියටත් භාවිතා වෙන්න පුළුවන්.
e.g.
experience
පළපුරුද්ද [U]
▫️ I have experience in teaching.අත්දැකීම, සිද්ධිය [C]
▫️ I had a bad experience at the hospital.
බොහෝ විට uncountable nouns
භාවිතා වෙනකොට ගොඩක් වෙලාවට ඒ වචන ඉස්සරහින් some
, any
, no
, a little
වැනි වචන භාවිතා කරනවා.
e.g.
some advice
▫️ I need some advice.any help
▫️ She didn't ask for any help.no money
▫️ They have no money.
වෙන් වෙන් වශයෙන් ගණනය කළ නොහැකි uncountable nouns
ගණනය කළ හැකි ආකාරයට භාවිතා කරන්නට a bit of
, a piece of
, a cup of
, a glass of
, a bottle of
, a loaf of
, a slice of
, a bar of
, a can of
, a jar of
, a packet of
, a bag of
, a box of
, a carton of
, a tin of
, a tube of
, a bowl of
, a plate of
, a dish of
, a spoon of
, a cup of
, a mug of
, a glass of
, a bottle
වැනි යෙදුම් භාවිතා කරන අවස්ථා අපිට නිතරම දකින්න පුළුවන්.
e.g.
a piece of cake
▫️ Have a piece of cake.a glass of water
▫️ Can I have a glass of water?a cup of tea
▫️ She serverd me a cup of tea.
Singular nouns & Plural nouns
වෙන් වෙන් වශයෙන් ගණන් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරද්දී, ඒ දෙයින් එකක් ගැන කතා කරන වචනය singular
(ඒකවචන) ස්වරූපය ලෙසත්, එකකට වැඩි ගණනක් ගැන කතා කරන ස්වරූපය plural
(බහුවචන) ලෙසත් හැඳින්වෙනවා.
Pluralization
බොහෝ අවස්ථාවල නාමපදයක බහුවචන ස්වරූපය හැදෙන්නේ, ඒ වචනයේ අගට "ස්" ශබ්දය එකතුවෙලා. ලියද්දී "s" අකුර එකතු කරන්න පුළුවන්. අක්ෂර වින්‍යාශයේ විශේෂ අවස්ථා කිහිපයකදී අපි "s" වෙනුවට වෙනත් ප්‍රභේද භාවිතා කරනවා.
සාමාන්‍යයෙන් අගට "s" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
book | books |
pen | pens |
table | tables |
chair | chairs |
computer | computers |
phone | phones |
tree | trees |
dog | dogs |
cat | cats |
house | houses |
car | cars |
වචනය අවසන් වෙන අකුරු s
, sh
, ch (soft)
, හෝ x
නම් "s" වෙනුවට "es" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
bus | buses |
brush | brushes |
church | churches |
box | boxes |
fox | foxes |
glass | glasses |
dish | dishes |
watch | watches |
bench | benches |
වචනය අවසන් වෙන අකුර y
නම් "y" වෙනුවට "ies" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
baby | babies |
city | cities |
country | countries |
family | families |
lady | ladies |
party | parties |
story | stories |
library | libraries |
නමුත් y
අකුරට පෙර අකුර a
, e
, i
, o
, u
යන අකුර වලින් එකක් නම් යෙදෙන්නේ "s"
Singular | Plural |
---|---|
day | days |
key | keys |
trolley | trolleys |
boy | boys |
toy | toys |
guy | guys |
වචනය අවසන් වෙන අකුරු f
හෝ fe
නම් "f" හෝ "fe" වෙනුවට "ves" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
calf | calves |
elf | elves |
half | halves |
leaf | leaves |
loaf | loaves |
self | selves |
shelf | shelves |
thief | thieves |
wife | wives |
wolf | wolves |
නමුත් සමහර වචන වල අවසන් අකුරු f
හෝ fe
වුනත් ඒ වචනවල බහුචන ස්වරූපය හැදෙන්නේ "s" එකතු වීමෙන්.
Singular | Plural |
---|---|
belief | beliefs |
chief | chiefs |
cliff | cliffs |
dwarf | dwarfs |
gulf | gulfs |
giraffe | giraffes |
hoof | hoofs |
proof | proofs |
roof | roofs |
safe | safes |
scarf | scarfs |
wharf | wharfs |
අවසන් අකුරු f
හෝ fe
වූ වචන ස්වල්ප ප්‍රමාණයක බහුවචන ස්වරූපය ලෙස "f" හෝ "fe" වෙනුවට "s" එකතු වීම හා "ves" එකතු වීම යන දෙයාකාරයම නිවැරදි ලෙස සලකනවා
Singular | Plural |
---|---|
dwarf | dwarfs |
dwarves | |
hoof | hoofs |
hooves | |
scarf | scarfs |
scarves | |
wharf | wharfs |
wharves |
වචනය අවසන් වෙන අකුරු o
නම් "s" වෙනුවට "es" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
hero | heroes |
potato | potatoes |
tomato | tomatoes |
echo | echoes |
mosquito | mosquitoes |
volcano | volcanoes |
torpedo | torpedoes |
domino | dominoes |
mango | mangoes |
zero | zeroes |
වචනය අවසන් වෙන අකුරු us
නම් "us" වෙනුවට "i" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
cactus | cacti |
focus | foci |
fungus | fungi |
nucleus | nuclei |
radius | radii |
stimulus | stimuli |
syllabus | syllabi |
වචනය අවසන් වෙන අකුරු is
නම් "is" වෙනුවට "es" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
analysis | analyses |
axis | axes |
basis | bases |
crisis | crises |
diagnosis | diagnoses |
hypothesis | hypotheses |
oasis | oases |
parenthesis | parentheses |
thesis | theses |
වචනය අවසන් වෙන අකුරු on
නම් "on" වෙනුවට "a" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
criterion | criteria |
phenomenon | phenomena |
වචනය අවසන් වෙන අකුරු um
නම් "um" වෙනුවට "a" යෙදෙන විදිය
Singular | Plural |
---|---|
curriculum | curricula |
datum | data |
medium | media |
memorandum | memoranda |
symposium | symposia |
මීට අමතරව සමහර වචන වලට බහුවචන පදය හැදෙන්නේ වචනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
Singular | Plural |
---|---|
child | children |
foot | feet |
goose | geese |
louse | lice |
mouse | mice |
ox | oxen |
tooth | teeth |
man | men |
woman | women |
person | people |
වචන කිහිපයක බහුවචන පදයත් ඒකවචන පදයත් දෙකම එකක්.
Singular | Plural |
---|---|
deer | deer |
fish | fish |
sheep | sheep |
swine | swine |
trout | trout |
series | series |
species | species |
aircraft | aircraft |
සමහර නාම පද වල ඒකවචන ස්වරූපයක් නැහැ -- තියෙන්නේ බහුවචන ස්වරූපය විතරයි.
Singular | Plural |
---|---|
pants | pants |
shorts | shorts |
scissors | scissors |
spectacles | spectacles |
trousers | trousers |
sandals | sandals |
slippers | slippers |
pajamas | pajamas |
sneakers | sneakers |
tongs | tongs |
tweezers | tweezers |
briefs | briefs |
boxers | boxers |
jeans | jeans |
stockings | stockings |
tights | tights |
panties | panties |
leggings | leggings |
tights | tights |
goggles | goggles |
binoculars | binoculars |
glasses | glasses |
Masculine nouns & Feminine nouns
පුරුෂයින් (men), පිරිමි ළමයින් (boys), පිරිමි සතුන් (male animals) ගැන කතා කරන්න භාවිතාවන වචන masculine nouns
(පුරුෂලිංග නාම පද) ලෙසත්, ස්ත්‍රීන් (women), ගැහැණු ළමයින් (girls) හා ගැහැණු සතුන් (female animals) ගැන කතා කරන්න භාවිතාවන වචන feminine nouns
(ස්ත්‍රීලිංග නාම පද) ලෙසත් හැඳින්වෙනවා. ලිංග භේදයකින් තොරව භාවිතා කළ හැකි නාම පද gender-neutral nouns
(නිර්ලිංග නාම පද) ලෙස හැඳින්වෙනවා.
Masculine | Feminine | Gender-neutral |
---|---|---|
man | woman | person |
boy | girl | child / teenager / young-adult |
father | mother | parent |
son | daughter | child |
brother | sister | sibling |
uncle | aunt | |
nephew | niece | |
husband | wife | spouse |
king | queen | monarch |
prince | princess | |
actor | actress | performer |
waiter | waitress | server |
host | hostess | |
hero | heroine | |
god | goddess | deity |
sir | madam | |
lord | lady | |
gentleman | lady | |
widower | widow | |
groom | bride | |
duke | duchess | |
earl | countess | |
emperor | empress | |
czar | czarina | |
sultan | sultana | |
lion | lioness | |
tiger | tigress | |
bull | cow | |
rooster | hen | |
poet | poetess | |
author | authoress | |
master | mistress | |
steward | stewardess | |
chairman | chairwoman | chairperson |
manager | manageress | |
director | directress | |
governor | governess | |
mayor | mayoress |
Collective nouns
යම් දේවල්, සතුන්, හෝ මිනිසුන් සමූහයකට යොදන තනි වචනයක් collective noun
එකක් ලෙස හැඳින්වෙනවා.
Examples of collective nouns |
---|
army |
audience |
band |
board |
choir |
class |
committee |
crew |
crowd |
family |
faculty |
flock |
group |
jury |
orchestra |
panel |
staff |
team |
tribe |
මේ වචන භාවිතා කරනකොට සමූහය එක් කණ්ඩායමක් විදියට සලකද්දී ඒ වචනය singular
විදියටත් සමූහයේ සාමාජිකයන් වෙන වෙනම සලකද්දී ඒ වචනය plural
විදියටත් ගන්න පුළුවන්.
e.g.
The new family has moved into that house.
The new family are from different religions.
සතුන් ගැන කතා කරද්දි ඒ සතුන් සමූහයකට හෝ රංචුවකට යෙදෙන විශේෂිත නම් ඉංග්‍රීසි භාෂාවේ දකින්න පුළුවන්. උදාහරණයක් හැටියට සිංහයෝ රංචුවක් ගත්තොත් සිංහයෝ රංචුවකට කියන්නේ a pride of lions
කියලා.
Animal | Collective noun |
---|---|
lion | a pride of lions |
elephant | a herd of elephants |
deer | a herd of deer |
cow | a herd of cows |
sheep | a flock of sheep |
goat | a flock of goats |
fish | a school of fish |
bird | a flock of birds |
whale | a pod of whales |
dolphin | a pod of dolphins |
wolf | a pack of wolves |
dog | a pack of dogs |
cat | a clowder of cats |
bear | a sloth of bears |
fox | a skulk of foxes |
rabbit | a colony of rabbits |
bee | a swarm of bees |
ant | a colony of ants |
spider | a cluster of spiders |
snake | a nest of snakes |
crocodile | a bask of crocodiles |
shark | a shiver of sharks |
penguin | a colony of penguins |
flamingo | a stand of flamingos |
ostrich | a flock of ostriches |
peacock | a muster of peacocks |
parrot | a pandemonium of parrots |
eagle | a convocation of eagles |
vulture | a wake of vultures |
crow | a murder of crows |
owl | a parliament of owls |
යම් දේවල් සමූහයක් සඳහා යෙදෙන collective nouns
කිහිපයකට උදාහරණත් අපි බලමු.
Collective noun | Example |
---|---|
bunch | a bunch of grapes |
a bunch of flowers | |
a bunch of keys | |
pack | a pack of cards |
pile | a pile of books |
group | a group of islands |
series | a series of events |
fleet | a fleet of ships |
galaxy | a galaxy of stars |
range | a range of mountains |
wad | a wad of notes |
Compound nouns
වචන දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී හැදෙන නාම පද compound nouns
ලෙස හැඳින්වෙනවා. බොහෝ විට මේ නාම පදවල අවසන් වචනයෙන් ඒ පුද්ගලයා, සතා, තැන හෝ දෙය හඳුන්වන අතර මුල් වචනවලින් එය විස්තර කෙරෙනවා. මේ වචන ලියද්දී භාවිතාවන ආකාර තුනක් තියෙනවා.
Method | Description | Examples |
---|---|---|
Open / Spaced | වචන වෙන වෙනම එක පෙළට ලිවීම | tooth brush, dining table, coffee cup |
Hyphenated | වචන කෙටි ඉරකින් වෙන්කර ලිවීම | mother-in-law, sister-in-law, editor-in-chief |
Closed / Solid | වචන එකට එකතුකිරීම | bedroom, bathroom, toothbrush, notebook |
Compound nouns හැදෙන ආකාර
Method | Examples |
---|---|
noun + noun | toothbrush, bedroom, notebook, bathroom, toothpaste, toothache |
verb + noun | breakfast, swimming pool, washing machine, running shoes, driving license |
adjective + noun | blackboard, full moon, whiteboard, blueberry, redhead, blackbird |
adverb + noun | onlooker, bystander, underworld |
noun + verb | rainfall, sunrise, haircut, breakdown, output, input |
adjective + verb | dry-cleaning, public speaking |
adverb + verb | output, input, outcome, outlook, outcome |
verb + adverb | checkout, lookout, take-off, drawback |
Pluralization of compound nouns
Compound noun
එකක බහු වචන ස්වරූපය හැදෙන්නේ එහි ප්‍රධාන වචනය බහු වචනයට හැරවීමෙන් -- වචන දෙකම මූලික අදහසට යෙදෙනවානම්, වචන දෙකම බහු වචනයට හැරවිය යුතුයි.
Compound noun | Plural form |
---|---|
tennis shoe | tennis shoes |
deputy headprefect | deputy headprefects |
mother-in-law | mothers-in-law |
doctor of philosophy | doctors of philosophy |
woman-doctors | women-doctors |
වචනය අගට යෙදෙන්නේ -ful
නම්, බහු වචන ස්වරූපය ආකාර දෙවිදියකට ලියන්න පුළුවන්.
Compound noun | Plural form 1 | Plural form 2 |
---|---|---|
spoonful | spoonfuls | spoonsful |
handful | handfuls | handsful |
mouthful | mouthfuls | mouthsful |
වචනය හැදෙන්නේ noun + adverb
විදියටනම්, බහු වචන ස්වරූපය හැදෙන්නේ noun
එකේ අගට "s" එකතු කිරීමෙන්.
Compound noun | Plural form |
---|---|
passer-by | passers-by |
runner-up | runners-up |
වචන එකතුවීමෙන් හැදුනු compound noun
එක ඇතුලෙ සරල noun
එකක් නැත්නම්, වචනය අගට "s" යෙදීමෙන් බහු වචන ස්වරූපය ගන්න පුළුවන්.
Compound noun | Plural form |
---|---|
grown-up | grown-ups |
check-in | check-ins |
higher-up | higher-ups |
hang-out | hang-outs |