Word Classes

භාෂාවක් ගොඩනැගෙන්නේ වචන වලින්. වචන ගැන ඉගෙන ගැනීම තමයි භාෂාවක් ඉගෙන ගැනීමේ මුල්ම මාතෘකාව වෙන්නෙ. වාක්‍ය තේරුම් ගැනීමට වගේම නිවැරැදිව වාක්‍ය ලිවීමට වචන පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ භාවිතාවන වචන මගින් කෙරෙන කාර්යය හා ඒ වචන වාක්‍යවල යොදාගන්නා ආකාරය අනුව ප්‍රධාන වශයෙන් කොටස් අටකට වෙන්කර දක්වන්න පුළුවන්. ඒ වගේම, සමහර වචන වාක්‍යවල භාවිතා වන විදිය අනුව කාණ්ඩ කිහිපයකටම අයිති වෙන්න පුළුවන්.

  1. Nouns (නාම පද)
  2. Pronouns (සර්වනාම)
  3. Verbs (ක්‍රියා)
  4. Adjectives (නාමවිශේෂණ)
  5. Adverbs (ක්‍රියාවිශේෂණ)
  6. Prepositions (නිපාත)
  7. Conjunctions (සම්බන්ධක)
  8. Interjections (විෂ්මයාර්ථ)