Possessive Pronouns

අපි හිතින් මවා ගත්, කාලානුරූපී, හෝ අවකාශයේ දකින්නට තියෙන දෙයක් ගැන කියවෙන නාම පදයට කලින්, එය අපිට දුරස්නම් "ඒ" ලෙස හා අපිට සමීපනම් "මේ" ලෙස යොදන විදියටම, ඉංග්‍රීසියෙනුත් අපි this/these හා that/those යොදාගන්නවා. මේවා හැඳින්වෙන්නේ demonstrative adjectives කියලා. මේ විදියට demonstrative adjective එකකින් විශේෂණය වුනු නාම පද වෙනුවට demonstrative pronouns භාවිතා වෙනවා.

Demonstrative PronounDescriptionPossible Sinhala meanings
thisthis oneමෙය, මේක,
මේ දෙය...
thatthat oneඑය, ඒක, අරක,
ඒ දෙය...
thesethese onesමේවා,
මේ දේවල්...
thosethose onesඒවා, අරවා,
ඒ දේවල්...

Examples

Book

This is my book.
මෙය මගේ පොත.

That is my point.
ඒක තමයි මම කිව්ව කාරණාව.

Shrug

I know you like flowers. I brought you these.
මම දන්නවා ඔයා මල්වලට කැමතියි. මම මේ ටික ගෙනාවා ඔයාට.

සාමාන්‍යයෙන් මේවා pronoun ස්වරූපයෙන් යෙදෙන්නේ පණ නැති වස්තූන් සමග පමණයි -- පණ ඇති (මිනිසුන්, සතුන් වැනි) දේ සමඟ demonstrative adjective එකක් සහ නාම පදයක් තමයි අපි යොදන්නේ.

කෙනෙක් දිහාවට අත දික්කරමින්
"මොහු මට උදවු කළා" කියද්දී
❌ This helped me.
✅ This boy helped me.
[while pointing at a person]

සුරතල් මාළුවෙක් මිලදීගන්න යද්දී
"මට මෙයාව දෙන්න" කියද්දී
❌ Give me this.
✅ Give me this one.
[while pointing at a fish]

Fish tank