Personal Pronouns
පුද්ගලයින්, සතුන්, හෝ දේවල් වෙනුවට යොදන නාම පද වෙනුවට යොදා ගන්නා සර්වනාම personal pronouns
ලෙස හැඳින්වෙනවා.
මේවා භාවිතාවන ආකාරය අනුව වර්ග දෙකකට වෙන් කර හඳුනාගන්න පුළුවන්.
- Subjective Pronouns - කර්තෘකාරක සර්වනාම
- Objective Pronouns - කර්මකාරක සර්වනාම
Subjective pronouns
කර්තෘකාරක සර්වනාම
වාක්‍යක කර්තෘ හෙවත් උක්තය -- ඒ කියන්නේ වාක්‍යයේ subject
එක හැටියට භාවිතාවෙන personal pronouns
තමයි subjective pronouns
කියලා කියන්නේ. එතනදි අපි මතක තියාගන්න අවශ්‍යය දෙය තමයි වාක්‍යයේ subject
එක කියන්නේ ඒ වක්‍යයෙන් මූලිකවම කියවෙන්නේ කවුරු ගැනද, මොකක් ගැනද කියන එක.
Objective Pronouns
කර්මකාරක සර්වනාම
වාක්‍යයක ක්‍රියාවට යටත් වෙන කෙනා හෝ දෙය, එහෙම නැත්නම් preposition
(නිපාත) පදයකට පසුව යෙදෙන වචනය හැටියට, එහෙමත් නැත්නම් වක්‍යයක අනුක්තය ලෙස යෙදෙන personal pronouns
තමයි objective pronouns
කියලා හැඳින්වෙන්නේ.
Subjective | Objective | Possible Sinhala meanings |
---|---|---|
I | me | මම, මා, මට, මාව |
you | you | ඔයා, ඔයාට, ඔයාව, ඔබ, ඔබට, ඔබව, උඹ, උඹට, උඹව, තමුසෙ, තමුසෙට, තමුසෙව |
we | us | අපි, අප, අපිට, අපිව |
they | them | ඔවුන්, ඔවුන්ව, ඔවුන්ට, එයාලා, එයාලට, එයාලව, ඒ දේවල්, ඒ දේවල්වලට, ඒවා, ඒවාට |
he | him | ඔහු, ඔහුට, ඔහුව |
she | her | ඇය, ඇයට, ඇයව |
it | it | ඌ, ඌට, ඌව, එය, එයට, ඒක, ඒකට |
Examples
I am an engineer.
මම ඉංජිනේරුවරයෙක්.I am 27 years old.
මට වයස අවුරුදු 27යි.I was recruited to a new company last week.
ගිය සතියේ මාව අලුත් සමාගමකට බඳවා ගත්තා.They called me.
එයාලා මට කතා කළා.She is looking for me.
ඇය සොයන්නේ මාව.
You are a good person.
ඔයා හොඳ කෙනෙක්.What do you want?
ඔයාට මොනවද ඕනෙ?Did they see you?
එයාලා ඔයාව දැක්කාද?