Interrogative Pronouns
නාම පද ආශ්‍රිතව ප්‍රශ්න අසන්නට භාවිතා කරන සර්වනාම interrogative pronouns
ලෙස හැඳින්වෙනවා. ප්‍රශ්නය අහන්නේ පුද්ගලයෙක් ගැනද, සතෙක්, හෝ දෙයක් ගැනද, නැත්නම් අයිතියක් ගැනද කියන කාරණාව අනුව යෙදෙන interrogative pronoun
එක වෙනස් වෙනවා.
People | Animals, and Things | Ownership |
---|---|---|
who | what | whose |
whom | which |
Examples
Who is that man? 🚶🏻♂️➡️
අර මිනිහා කවුද?
Who opened the door this morning?
කවුද අද උදේ දොර ඇරියේ?
Whom did you meet at the party? 🎉
පාටියේදි ඔයාට කාවද මුණ ගැහුනේ?
With whom did she share the chocolate?
ඇය කාත් සමඟද චොක්ලට් එක බෙදාගත්තේ?
What is your favourite colour?
ඔයා කැමතිම පාට මොකක්ද?
What are you doing? 🤷🏻♂️
ඔයා මොකක්ද කරන්නේ?
Which is your bag?
ඔයාගෙ බෑග් එක කොයි එකද?
[pointing at a house] 🏡
Whose is that house?
අර ගෙදර කාගෙද?
මීට අමතරව, what
, which
, සහ whose
අගට නාම පදයක් භාවිතා කර ප්‍රශ්නවාචී පද හදාගන්නත් පුළුවන්. ඒ වගේ අවස්තාවලදී, ඒ වචන තවදුරටත් interrogative pronouns
ලෙස හැඳින්වෙන්නේ නෑ. ඒ අවස්තාවලදී ඒවාට කියන්නේ interrogative determiners
කියලා.
What color is your bag? 🛍️
ඔයාගෙ බෑග් එක මොන පාටද?
[looking at several houses] 🏘️
Which house is yours?
කොයි ගෙදරද ඔයාගෙ?
Whose songs do you like? 🎼
ඔයා කාගෙ ගීතවලටද කැමති?