Pronouns - සර්වනාම

නාම පදයක අර්ථය දෙන වාක්‍ය ඛණ්ඩ (phrases / clauses) සඳහා ඒ වෙනුවට යෙදිය හැකි වචන තමයි pronouns (සර්වනාම) කියලා කියන්නේ. මේවා භාවිතා කරලා අනවශ්‍ය පුනරුක්තිය (repetition) අවම කරගන්න පුළුවන්. දැනටමත් දන්නා හෝ කලින් සඳහන් කරන ලද පුද්ගලයින්, සතුන්, තැන්, සහ දේවල් ගැන කතා කරන්න pronouns භාවිතා වෙනවා.

අපි මේ ගැන උදාහරණයක් අරගෙන බලමු.

Engineer

This is Kasun.
Kasun is a civil engineer.
Kasun is good at music.
Kasun loves to play the flute.

මේ ඉන්නෙ කසුන්.
කසුන් සිවිල් ඉංජිනේරුවරයෙක්.
කසුන් සංගීතයට දක්ෂයි.
කසුන් බටනලාව වාදනය කරන්න ගොඩක් කැමතියි.

ඉහත විස්තරය ඇතුලෙ නැවත නැවත භාවිතාවෙලා තියෙන "කසුන්" කියන නාම පදය අස්වාභාවික බව ඔයාට දැනෙනවා ඇති. මේ වගේ අවස්තාවල අපි සිංහලෙන් "ඔහු" වගේ වචනයක් භාවිතා කරන විදියටම, ඉංග්‍රීසියෙන් අපිට පුළුවන් "he" භාවිතා කරන්න. ඒක pronoun එකක්.

This is Kasun.
He is a civil engineer.
He is good at music.
He loves to play the flute.

මේ ඉන්නෙ කසුන්.
ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්.
ඔහු සංගීතයට දක්ෂයි.
ඔහු බටනලාව වාදනය කරන්න ගොඩක් කැමතියි.

මේ විදියට "කසුන්" කියන නාම පදය වෙනුවට, "ඔහු" කියන සර්වනාම පදය භාවිතා කරද්දී, ඒ සර්වනාම පදයේ පූර්වපදය [Antecedent] හැටියටයි "කසුන්" කියන පදය ගැනෙන්නේ. ඒ විදියටම ඉංග්‍රීසියෙන් "Kasun" කියන වචනය වෙනුවට "he" ආදේශ කරද්දී, "he" කියන pronoun එකේ antecedent එක වෙන්නේ "Kasun".

සරලවම, pronoun එකෙන් කියවෙන්නෙ කවුරු ගැනද, මොකක් ගැනද -- ඒ කෙනා හෝ දෙය ඒ pronoun එකේ antecedent හැටියට ගැනෙනවා.

Types of Pronouns

  1. Personal Pronouns
  2. Reflexive Pronouns
  3. Possessive Pronouns
  4. Demonstrative Pronouns
  5. Indefinite Pronouns
  6. Reciprocal Pronouns
  7. Interrogative Pronouns
  8. Relative Pronouns

ඊළඟ පාඩම්වලදී අපි මේ එක එකක් ගැන විස්තරාත්මකව කතා කරමු.