Indefinite Pronouns
කෙනෙක්, සතෙක්, හෝ දෙයක් ගැන නිශ්චිත ලෙස නොකියා අදහස් ප්‍රකාශ කරන්න භාවිතා වෙන සර්වනාම පද ගණනාවක් අපිට ඉංග්‍රීසි භාෂාව තුල දකින්න පුළුවන්. මේවායින් කොටසක් singular
ලෙසත්, තවත් කොටසක් plural
ලෙසත්, තවත් කොටසක් ඒ දෙවිදියටමත් භාවිතා වෙනවා.
another
- තව එකක්, වෙනත් එකක්, වෙනත් කෙනක්...
Your coffee is delicious. Can I have another?
ඔයාගෙ කෝපි එක හරිම රසයි. මට තව එකක් ගන්න පුළුවන්ද?
anybody / anyone
- කිසියම් කෙනෙක්, කවුරුහරු කෙනෙක්...
Can anyone another answer my question?
කාටහරි පුළුවන්ද මගෙ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න?
anything
- කිසියම් දෙයක්, මොනවහරි දෙයක්, ඕනෑම දෙයක්...
I don't want anything to eat.
මට කන්න කිසිම දෙයක් ඕනෙ නෑ.
Do you have anything planned for the weekend?
ඔයා සති අන්තෙට මොනවහරි දෙයක් සැලසුම් කරගෙනද ඉන්නෙ?
each
- එකින් එක සලකමින් සියලු දෙනා/දේවල්, සෑම (හැම)...
The principal went to each classroom.
විදුහල්පතිතුමා හැම පන්තිකාමරයකටම ගියා.
every
- එකින් එක සලකමින් සියලු දෙනා/දේවල්, සෑම (හැම)...
Our teacher marked every book.
අපේ ගුරුතුමිය හැම පොතක්ම බැලුවා
either
- දේවල් දෙකකින් එකක් හෝ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක්...
🅰️: Do you want tea or coffee?
🟰: ඔයාට ඕනෙ තේ ද කෝපි ද?
🅱️: I don't mind. I like either.
🟰: මට අවුලක් නෑ. ඒ දෙකෙන් කොයි එකට වුනත් මම කැමතියි.
neither
- දේවල් දෙකක් හෝ පුද්ගලයින් දෙදෙනෙක් ගත්විට ඉන් එකක්වත් නොසලකන බව...
🅰️: Do you want tea or coffee?
🟰: ඔයාට ඕනෙ තේ ද කෝපි ද?
🅱️: Neither. I'll have some water.
🟰: ඒ දෙකෙන් එකක්වත් එපා. මම වතුර ටිකක් බොන්නම්..
everybody / everyone
- සෑම දෙනා, හැම කෙනෙක්ම...
Let's start when everyone has arrived.
හැම කෙනෙක්ම ආවම අපි පටන්ගමු.
everything
- සෑම දෙයක්ම, හැම දේම...
I have everything I need.
මට අවශ්‍යය හැමදේම මට තියෙනවා.
much
[uncountable]
බොහෝ දේ, විශාල ප්‍රමාණයක්...
Much has changed after we left school.
අපි ස්කෝලෙන් ගියාට පස්සෙ ගොඩක් දේවල් වෙනස් වෙලා.
little
[uncountable, negative]
දේවල් ටිකයි...
Little had changed since I last went there.
මම අන්තිමට එහෙ ගිය දා ඉඳලා ටිකයි වෙනස් වෙලා තියෙන්නෙ.
"a little"
[uncountable, positive]
ටිකක්...
🅰️: Do you have any money?
🟰: ඔයා ළඟ සල්ලි කීයක් හරි තියෙනවද?
🅱️: Yes, I have a little.
🟰: ඔව්, මා ළඟ ටිකක් තියෙනවා.
nobody / no one
- කවුරුත් නෑ, කිසි කෙනෙක් නෑ...
Nobody knows the answer.
උත්තරය කවුරුත් දන්නෙ නෑ.
nothing
- මුකුත් නෑ, කිසි දෙයක් නෑ...
I have nothing to say.
මට කියන්න කිසි දෙයක් නෑ.
somebody / someone
- කිසියම් කෙනෙක්, කවුරුහරි කෙනෙක්...
Somebody is at the door.
කවුරුහරි ඉන්නවා දොර ගාව.
something
- කිසියම් දෙයක්, මොනවහරි දෙයක්...
I want to eat something.
මම මොනවහරි කන්න ඕනෙ.
one
- එකක්, එක් දෙයක්, එක් කෙනෙක්...
I have the book, but my friend doesn't have one.
මා ගාව ඒ පොත තියෙනවා, නමුත් මගෙ යාළුවට එකක් නෑ.
both
- දේවල් දෙකකින් දෙකම හෝ පුද්ගලයන් දෙදෙනෙක්ගෙන් දෙදෙනාම...
[at an ice-cream parlour] 🍨
🅰️: Do you want strawberry or vanilla?
🟰: ඔයාට ඕනෙ ස්ට්‍රෝබෙරි ද වැනිලාද?
🅱️: I want both.
🟰: මට වර්ග දෙකම ඕනෙ.
many
[countable]
ගොඩක් දෙනා, ගොඩක් දේවල්...
There are many in the garden.
ගාර්ඩන් එකෙන් ගොඩක් දෙනා ඉන්නවා.
few
[countable, negative]
දේවල් ටිකයි, ටික දෙනයි...
Few helped us to do this.
අපිට මේ දේ කරන්න උදවු කළේ ටික දෙනයි. 😟
"a few"
[countable, positive]
ටිකක්, ටික දෙනෙක්...
A few helped us to do this.
අපිට මේ දේ කරන්න ටික දෙනෙක් උදවු කළා. 😊
several
[countable]
විශාල ප්‍රමාණයක් නොවන කිහිපයක්/කිහිප දෙනෙක්, ...
Several of the students asked about it.
සිසුන් කිහිප දෙනෙක් ඒ ගැන ඇහුවා.
others
- දැන් සැලකිල්ලට ගැනෙන දේවල්/අය හැර අනෙක් දේවල්/අය...
Some people like to read, others like to watch TV.
සමහර අය කියවන්න කැමතියි, අනෙක් අය ටීවී බලන්න කැමතියි.
all
- සියලු දෙනා, සියලු දේම, සේරම, ඔක්කොම...
All is well. 🎸
හැමදේම හොඳින්.
All are happy.
හැමෝම සතුටින්.
some
- සමහර දේවල්, සමහර අය, කිහිපයක්, කිහිප දෙනෙක්...
[uncountable]
යම් ප්‍රමාණයක්, ටිකක්...
Is there any sugar? I need some.
සීනි තියෙනවද? මට ටිකක් ඕනෙ.
more
- සංසන්දනාත්මකව වැඩි ප්‍රමාණයක්, වැඩි ගණනක්, හෝ වැඩි දෙනෙක්...
Your drink is almost finished. Do you want more?
ඔයාගෙ බීම එක ඉවරවෙන්නත් ළඟයි. ඔයාට තව ඕනෙද?
Have another piece. There's more in the box.
තව කෑල්ලක් කන්න. පෙට්ටියේ තව තියෙනවා.
We've talked to 17 people. There are more outside.
අපි දැනට 17 දෙනෙක්ට කතා කළා. එළියේ තව අය ඉන්නවා.
most
- බහුතරය, බහුතරයක් දෙනා, දේවල් වැඩිම ප්‍රමාණයක්, වැඩිම පිරිසක්...
Most of the money was spent on decorations.
සල්ලි වැඩි ප්‍රමාණයක් වැය වුනේ සැරසිලිවලට.
Most of the students are here.
සිසුන්ගෙන් බහුතරයක් දෙනා මෙතන ඉන්නවා.
none
- කිසියම් ප්‍රමාණයක්වත් නෑ, එකක්වත් නෑ, එක් අයෙක්වත් නෑ...
None of the rain water went to waste in that era.
ඒ කාලයේදී වැහි වතුරෙන් ටිකක්වත් අපතේ ගියේ නෑ.
None of the students are here.
සිසුන්ගෙන් එක් අයෙක්වත් නෑ.