Relative Pronouns
සමහර අවස්තාවලදී, නාම පදයකට වැඩි විස්තරයක් එකතු කරන්නට අපි වාක්‍ය ඛණ්ඩ භාවිතා කරනවා. ඒවා relative clauses
ලෙස හැඳින්වෙනවා. ඒ සඳහා භාවිතා කෙරෙන වචනවලින් එක් කොටසක් relative pronouns
ලෙස හැඳින්වෙනවා.
People | Animals, and Things |
---|---|
who | which |
whom | that |
that |
Examples
The boy who is wearing a cap is my brother. 🧢
කැප් එක දාගෙන ඉන්න පිරිමි ළමයා තමයි මගේ සහෝදරයා.
Do you like Mr Perera, whom we met yesterday?
ඔයා මිස්ටර් පෙරේරාට කැමතිද? -- අර ඊයෙ අපිට මුණ ගැහුනු කෙනා.
The children that you saw in the playground have been playing since morning. 🛝
ඔයා ක්‍රීඩාංගනයේ ඉන්නවා දැකපු ළමයි උදේ ඉඳලායි සෙල්ලම් කරන්නේ.
Let's go to the shop which is near the park.
අපි පාක් එක ළඟ තියෙන කඩේට යමු.
I forgot to bring the book that you gave me. 🤦🏻
ඔයා දුන්නු පොත අරගෙන එන්න මට අමතක උනා.
මේ හැර relative clauses
ගැන ඉගෙනගන්න හරිම රසවත් දේවල් තව ගොඩක් තියෙනවා. අපි ඒ ගැන ඉදිරි පාඩම්වලදි කතා කරමු.