Reflexive Pronouns

Mirror

කණ්නාඩියකින් මූණ බලද්දී ඒ ක්‍රියාව කරන කෙනා සහ ඒ ක්‍රියාවට ලක්වෙන කෙනා කියන්නේ එකම කෙනෙක්ට. ඒ කියන්නෙ, එතන subject (කර්තෘ) සහ object (කර්මය) දෙකම එකම කෙනෙක්. ඒ වගේ අවස්තාවල අපි objective personal pronoun එක වෙනුවට යොදන්නේ reflexive pronoun එක.

Kasun saw himself in the mirror.
Kasun saw him in the mirror.
කසුන් කණ්නාඩියෙන් ඔහුවම දැක්කා.

SubjectiveObjectiveReflexive
Imemyself
youyouyourself (singular)
yourselves (plural)
weusourselves
theythemthemselves
hehimhimself
sheherherself
itititself

Examples

I love myself. 🥰
මම මට ආදරෙයි.

I am proud of myself.
මට මගේ ගැනම ආඩම්බරයි.

My sister can make coffee for herself.
මගේ නංගිට පුළුවන් එයාට කෝපි හදාගන්න.

Kasun cut himself while shaving.
කසුන් රැවුල කපද්දී ඔහු විසින් ඔහුවම කැපුනා.

Shaving

My phone broke and turned itself off.
මගෙ ෆෝන් එක කැඩිලා නිකන්ම (එය විසින්ම) ක්‍රියා විරහිත උනා.

Supuni talks to herself when she is sad.
සුපුනිට දුක හිතුනාම එයා තනියම (එයා එක්කම) කතා කරනවා.

Vincent van Gogh painted a picture of himself.
වින්සන්ට් වැන් ගෝ ඔහුගේම පින්තූරයක් චිත්‍රයට නැගුවා.

Van Gogh

Emphatic pronouns

මීට අමතරව, යම් කෙනෙක් හෝ දෙයක් අවධාරණය කිරීමටත් (emphasis) reflexive pronouns භාවිතා වෙනවා. ඒ වගේ අවස්තාවලදී මේවා emphatic pronouns කියලත් හැඳින්වෙනවා. අපි ඒ හා සම්බන්ධ උදාහරණ කිහිපයක් බලමු.

I always do my homework myself.
හැම වෙලේම මගේ ගෙදරවැඩ කරන්නෙ මමමයි.

Tharushi herself talked to the teacher.
තරුශිම ගුරුතුමියට කතා කළා.

They wanted to talk to the manager himself.
ඔවුන්ට උවමනා වුනා කළමනාකාරතුමාවම මුණ ගැහෙන්න.


"by myself..."

වෙන කාගේවත් උදවු නැතිව, වෙන කවුරුත් නැතිව, තනියම කියන අදහස දෙන්න අපි by + reflexive pronoun භාවිතා කරනවා.

I go on hikes by myself.
මම දුරගමන් පයින් ඇවිදින්න යන්නෙ තනියම.

Did you write these stories by yourself?
මේ කතන්දර ඔයා ලිව්වෙ ඔයාම තනියමද?