Possessive Pronouns
හිමිකාරීත්වය අඟවන සර්වනාම
මේවා ගැන කතා කරන්නට කලින් හිමිකාරීත්වය අඟවන නාම විශේෂණ (possessive adjectives) ගැන කතා කරන එක සුදුසුයි. හිමිකාරීත්වය අඟවන නාම විශේෂණයේ යෙදෙන්නේ නාම පදයකට කලින්. ඒවායෙන් කෙරෙන්නේ ඒ නාම පදයෙන් අදහස් කරන දෙයකින් කාට අයිති ද කියන එක පෙන්නන එක.
Possessive Adjective | Possible Sinhala meanings |
---|---|
my | මගේ, මා සතු, මට අයිති... |
your | ඔයාගේ, ඔබේ, ඔබ සතු, උඹේ, උඹට අයිති, තමුසෙගෙ... |
our | අපේ, අප සතු, අපට අයිති... |
their | ඔවුන්ගේ, ඔවුන් සතු, ඔවුන්ට අයිති, එයාලගෙ, එයාලට අයිති, ඒවායේ, ඒ දේවල්වල, ඒවාට අයිති, ඒ දේවල්වලට අයිති... |
his | ඔහුගේ, ඔහු සතු, ඔහුට අයිති... |
her | ඇයගේ, ඇය සතු, ඇයට අයිති... |
its | එහි, එය සතු, ඒ දෙයට අයිති, ඌගේ, ඌට අයිති... |
මීට අමතරව යම් කෙනෙක්ට, සතෙක්ට, හෝ දෙයකට අයිති බව පෙන්වන්න ඒ කෙනා, සතා, හෝ දෙයට අදාළ නාම පදය අගට -'s (apostrophe + s)
එකතු කිරීමෙනුත් අපි possessive adjectives
හදා ගන්නවා. ඒ වචනයේ අගට දැනටමත් "s" තිබෙනවානම්, අපි ලියද්දි යොදන්නේ ' (apostrophe)
විතරයි.
Noun | Possessive Adjective | Possible Sinhala meanings |
---|---|---|
Kasun | Kasun's | කසුන්ගේ, කසුන් සතු, කසුන්ට අයිති... |
Supuni | Supuni's | සුපුනිගේ, සුපුනි සතු, සුපුනිට අයිති... |
boy | boy's | පිරිමි ළමයාගේ, පිරිමි ළමයා සතු, පිරිමි ළමයාට අයිති... |
boys | boys' | පිරිමි ළමයිගේ, පිරිමි ළමයි සතු, පිරිමි ළමයිට අයිති... |
girls | girls' | ගැහැණු ළමයිගේ, ගැහැණු ළමයි සතු, ගැහැණු ළමයිට අයිති... |
children | children's | ළමයින්ගේ, ළමයින් සතු, ළමයින්ට අයිති... |
teacher | teacher's | ගුරුවරුගේ, ගුරුවරු සතු, ගුරුවරුන්ට අයිති... |
Sri Lanka | Sri Lanka's | ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලංකාව සතු, ශ්‍රී ලංකාවට අයිති... |
Examples
This is my book.
මේ මගේ පොත.
Supuni's father is a teacher.
සුපුනිගේ තාත්තා ගුරුවරයෙක්.
I like that boy's hair.
මම අර පිරිමි ළමයගේ කොණ්ඩෙට කැමතියි.
මේ විදියට, නාම පදයකට possessive adjective
එකක් එකතුවෙලා අයිතිය අඟවන විශේෂණයක් සහිතව හැදුනු අලුත් නාම පදයක් වෙනුවට භාවිතා කරන සර්වනාම පද possessive pronouns
ලෙස හැඳින්වෙනවා.
අපි කලින් දැකපු අනෙක් සර්වනාම වගේම අර්ථය පැහැදිලිව ඇඟවෙන, කලින් සඳහන්කල, දැනටමත් දන්නා දෙයක පුනරුක්තිය අවම කරන්න මේ possessive pronouns
භාවිතා වෙනවා. සරලවම, මේ සිද්ධිය "මගේ පොත/පොත්/pothti" කියන පද නැවත නැවත කියනවා වෙනුවට ගැළපෙන විදියට "මගේ එක/ඒවා" කියලා කියන අවස්තාව වගේ.
Possessive Pronoun | Description |
---|---|
mine | my one/ones |
yours | your one/ones |
ours | our one/ones |
theirs | your one/ones |
his | his one/ones |
hers | her one/ones |
Examples
⚪ That is your book, and this one is my book.
↪️ That is your book, and this one is mine.
🟰 අරක ඔයාගෙ පොත -- මේක මගේ (එක).
⚪ The teacher marked my book. She wants to see your book.
↪️ The teacher marked my book. She wants to see yours.
🟰 ගුරුතුමිය මගේ පොත බැලුවා. එයාට ඔයාගෙ එක බලන්න ඕනෙලු.
⚪ This pen is my pen; not your pen.
↪️ This pen is mine; not yours.
🟰 මේ පෑන මගේ -- ඔයාගෙ නෙවෙයි.