Conjunctions - සම්බන්ධක
සිංහලෙන් වාක්‍ය යා කරන්නේ ක්‍රියාපදයේ අගින් (කාලා, ආවොත්, ආපු නිසා). ඉංග්‍රීසියෙන් වෙනම වචනයකින්, වාක්‍ය කොටසේ මුලින්.
සිංහල අග → ඉංග්‍රීසි මුල
සිංහලෙන් "ආවොත්", "ආවත්", "ආපු නිසා" කියනකොට සම්බන්ධකය ක්‍රියාපදයට ඇලිලා. ඉංග්‍රීසියෙන් ඒ අදහස වාක්‍ය කොටසේ මුලට වචනයක් විදියට එනවා.
| සිංහල | English | උදාහරණ |
|---|---|---|
| කාලා ගියා | and (then) | He ate and left. |
| ආවා, ඒත් | but | She came, but she left early. |
| ආපු නිසා | because | I'm happy because you came. |
| ආවා, ඒ නිසා | so | They came, so we ordered pizza. |
| ආවොත් / එනවා නම් | if | If you come, bring Kasun. |
| ආවත් / ආවා වුණත් | although / even though | Although they came early, the train was late. |
| එනකොට | when / while | Call me when you arrive. |
| එනකම් | until | Wait here until I come back. |
| ආවට පස්සේ | after | We'll eat after Amma comes. |
| එන්න කලින් | before | Call me before you leave. |
| ආපු ගමන් | as soon as | Call me as soon as you land. |
| ආවා හෝ ගියා | or | Someone came or left. |
because ද so ද?
because = හේතුව. so = ප්‍රතිඵලය. දෙකම එකම වාක්‍යයේ එපා.
ප්‍රතිඵලය + because + හේතුව → We stayed home because it rained.
හේතුව + so + ප්‍රතිඵලය → It rained, so we stayed home.
because + වාක්‍යයක් (subject + verb). because of + නාම පදයක්: We stayed home because of the rain.
although ද but ද?
although / even though (ආවත්, වුණත්) සහ but (ඒත්) අදහස එකයි. ලංකාවේ වැඩියෙන්ම ඇහෙන conjunction වැරැද්ද තමයි දෙකම එකට දාන එක.
even though = although, ටිකක් තදින්: Even though he was sick, he came to work.
when, while, until
Time
- I was sleeping when you came.
- She washed the dishes while I cooked.
- Let's wait until the rain stops.
when, until, as soon as වලට පස්සේ අනාගතය ගැන කිව්වත් will එපා (future පාඩම).
යුගල: both … and, either … or, not only … but also
Pairs
- Both Amma and Thaththa are teachers.
- You can have either tea or coffee.
- Neither Kasun nor Nimali came.
- She not only sings but also writes songs.
and එක දිගු ලැයිස්තුවක
ලැයිස්තුවක and එක එන්නේ අන්තිම දෙයට කලින් විතරයි. අනිත් ඒවා කොමා වලින්.
Quick check
Tap an answer. Nothing is saved.
The shop was closed, we went home.
පරක්කු වුණත් එයා කතා කළා.
We were late the traffic.
Please stay here the doctor comes.
my sister and my brother live in Dubai.
ගෙදර ආපු ගමන් මට කතා කරන්න.
බල්ලා බුරපු නිසා මට නින්ද ගියේ නෑ.
Finished this one? Tick it off. It is saved on this device only.
