Engspire × Engreesi

Nouns - නාම පද

පුද්ගලයෙක්, සතෙක්, තැනක්, දෙයක් හෝ අදහසක් හඳුන්වන වචන.

Read it in English:Nouns
Kasun with his new phone

එක නාම පදයක් එක වර්ගයකට විතරක් අයිති වෙන්නේ නෑ. dog කියන වචනය common noun එකක්, concrete noun එකක්, countable noun එකක්, singular noun එකක්. අපි ඒ වචනය දිහා බලන පැත්ත අනුව වර්ගය වෙනස් වෙනවා.

Common සහ Proper

පොදු නාම (common noun): ඕනෙම රටක්, ඕනෙම නගරයක්. විශේෂ නාම (proper noun): එක නිශ්චිත රටක්, නගරයක්, කෙනෙක්. Proper noun එකක් හැම වෙලාවෙම කැපිටල් අකුරකින් පටන් ගන්නවා.

Common nounProper noun
countrySri Lanka, India, Japan
cityColombo, Kandy, Galle
riverMahaweli, Kelani, Amazon
mountainAdam's Peak, Pidurutalagala, Everest
personKasun, Nimali, Mr Perera
dogBruno, Rex
day, monthMonday, April

Concrete සහ abstract

ඇසට, කනට, නාසයට, දිවට, සමට දැනෙන දේවල් concrete nouns. එහෙම දැනෙන්නේ නැති අදහස්, හැඟීම්, ගුණාංග abstract nouns.

Concrete (දැනෙන)Abstract (නොදැනෙන)
tree, dog, house, phone, water, rice, sun, hospital, elephantlove, anger, happiness, beauty, truth, courage, knowledge, freedom, peace, success, hope, patience, friendship, honesty, respect, trust

Abstract nouns ගොඩක් හැදෙන්නේ නාමවිශේෂණයකින් හෝ ක්‍රියාපදයකින්: happy → happiness, free → freedom, decide → decision, friend → friendship. ලැයිස්තුවක් තියෙනවා Word families පිටුවෙ.

නාම පද ගැන තව පාඩම්

පාඩමමොනවද
Countable සහ uncountableගණන් කරන්න පුළුවන්ද? a cup of tea, some advice
Singular සහ plural-s, -es, -ies, -ves, children, sheep
Masculine සහ feminineactor/actress, chairperson
Collective nounsteam, family, a herd of elephants
Compound nounstoothbrush, mother-in-law, passers-by

Quick check

Tap an answer. Nothing is saved.

  1. Galle is a noun.

  2. happiness is an noun.

  3. Which is right?

  4. Make an abstract noun from kind.