Pronouns - සර්වනාම
නාම පදයක් නැවත නැවත නොකියා ඒ වෙනුවට යොදන he, she, it, mine, myself වගේ වචන.
Read it in English:Pronouns
නම ආයෙ ආයෙ කියනවා වෙනුවට
මේ විස්තරය කියවලා බලන්න:
Without pronouns
- This is Kasun. Kasun is a civil engineer. Kasun is good at music. Kasun loves to play the flute.
"කසුන්" කියන නම නැවත නැවත එනකොට අස්වාභාවිකයි නේද? සිංහලෙන් අපි ඒ වෙනුවට "එයා" හෝ "ඔහු" කියනවා. ඉංග්‍රීසියෙන් he.
With pronouns
- This is Kasun. He is a civil engineer. He is good at music. He loves to play the flute.
සර්වනාමයෙන් කියවෙන කෙනා හෝ දෙය (මෙතන Kasun) ඒ සර්වනාමයේ පූර්වපදය (antecedent). සර්වනාමයක් දානකොට අහන කෙනාට antecedent එක මොකක්ද කියලා පැහැදිලි වෙන්න ඕනෙ.
සර්වනාම වර්ග
| වර්ගය | වචන | උදාහරණ |
|---|---|---|
| Personal | I, me, you, he, him, she, her, it, we, us, they, them | She called me. |
| Reflexive | myself, yourself, himself, herself, itself, ourselves, themselves | I did it myself. |
| Possessive | mine, yours, his, hers, ours, theirs | This pen is mine. |
| Demonstrative | this, that, these, those | This is my book. |
| Indefinite | someone, anything, nobody, all, some, none … | Somebody is at the door. |
| Reciprocal | each other, one another | They help each other. |
| Interrogative | who, whom, what, which, whose | Who is that? |
| Relative | who, whom, which, that, whose | The boy who called me |
මුලින්ම Personal pronouns ඉගෙන ගන්න. අනිත් ඒවායින් ගොඩක් හැදෙන්නේ ඒවායින්.
Quick check
Tap an answer. Nothing is saved.
Nimali is a nurse. works in Kandy.
The bus is late. usually comes at seven.
My parents live in Galle. have a small shop.
Kasun bought a bike. He rides it to work. What is the antecedent of He?
