Determiners - නිර්ණායක
නාම පදයකට කලින් එන පුංචි වචන.
a, an, the ගැන පොතක්, පොත පාඩමේ තියෙනවා. ප්‍රමාණය කියන some, many, a few වගේ ඒවා Quantifiers පාඩමේ.
මේ, ඔය, අර, ඒ → this, that
සිංහලෙන් දුර අනුව වචන හතරක් තියෙනවා. ඉංග්‍රීසියෙන් දෙකයි: ළඟ (this) සහ දුර (that).
| සිංහල | කොහෙද | English (එකක්) | English (කිහිපයක්) |
|---|---|---|---|
| මේ පොත | මගේ ළඟ | this book | these books |
| ඔය පොත | ඔයාගේ ළඟ | that book | those books |
| අර පොත | දෙන්නගෙන්ම දුර | that book | those books |
| ඒ පොත | කලින් කතා කරපු | that book / the book | those books |
ඔය, අර, ඒ තුනම ඉංග්‍රීසියෙන් that. ගොඩක් දුර නම් අතින් පෙන්නලා that one over there.
this / that / these / those
- This kottu is delicious.
- Is that bag yours?
- Can you see those trees?
- These shoes are too small for me.
කාගේද: my, your, his, her
| සිංහල | English |
|---|---|
| මගේ | my |
| ඔයාගේ | your |
| එයාගේ (පිරිමි) | his |
| එයාගේ (ගැහැණු) | her |
| ඒකේ (දෙයක, සතෙක්ගේ) | its |
| අපේ | our |
| එයාලගේ | their |
"එයාගේ": his ද her ද?
සිංහලෙන් "එයාගේ" කියන එක පිරිමි ගැහැණු දෙකටම එකයි. ඉංග්‍රීසියෙන් බලන්න ඕනෙ අයිතිකාරයා පිරිමියෙක්ද ගැහැණියෙක්ද කියලා. අයිති දේ නෙවෙයි.
its සහ it's
its = ඒකේ / ඌගේ (The dog wagged its tail.).
it's = it is (It's raining.). Apostrophe එක තියෙන්නේ කෙටි කරපු එකේ විතරයි.
සර්වනාම ලෙස mine, yours, hers ගැන: Possessive pronouns.
එක නාම පදයකට එකයි
a, the, this, my වගේ determiners දෙකක් එකට එපා.
each, every, another, other
each / every / another / other
- Every student has a book.
- Each room has its own AC.
- Can I have another cup of tea?
- Where are the other children?
every / each + එකක් (singular): every day (not every days). another = an + other, ඒ නිසා එකක් සමඟ: another one. බහුවචනයට other: other people.
වැඩිපුර: each, every, both, either, neither.
Quick check
Tap an answer. Nothing is saved.
mangoes are from our garden.
Amma forgot glasses.
My brother sold motorbike.
The cat is eating food.
I drink kola kenda .
මගේ යාළුවෙක් ජපානේ වැඩ කරනවා.
ඔය ඔයාගේ කුඩේද?
Finished this one? Tick it off. It is saved on this device only.
