Verbs - ක්‍රියා පද
ප්‍රධාන ක්‍රියාපද, උදව් ක්‍රියාපද, ක්‍රියාපදයක ආකාර, සහ සිංහල කතා කරන අපි ක්‍රියාපද එක්ක නිතර කරන වැරදි.
Watch Pivee explain thisඉංග්‍රීසි ඉගෙනගනිද්දි දැනගන්න ඕන Spelling Changes in Verbs
Watch Pivee explain thisVerbs ගැන Basic දේවල් Sinhalenක්‍රියාපදයක් කියන්නේ
ක්‍රියාපදයකින් කියවෙන්නේ:
- කරන දෙයක්: eat, run, write, call, cook
- වෙන දෙයක්: happen, rain, grow, become
- තත්ත්වයක්: be, have, know, like, want, belong
සිංහලෙන් "කනවා", "යනවා", "ලියනවා" වගේ -නවා වලින් ඉවර වෙන වචන ගොඩක් වෙලාවට ක්‍රියාපද. ඒත් am / is / are පාඩමේ දැක්කා වගේ, "මම ගුරුවරයෙක්" වගේ ක්‍රියාපදයක් නැති සිංහල වාක්‍යයකටත් ඉංග්‍රීසියෙන් ක්‍රියාපදයක් ඕනෙ.
ප්‍රධාන ක්‍රියාපද සහ උදව් ක්‍රියාපද
ප්‍රධාන ක්‍රියාපදය (main verb) තමයි වාක්‍යයේ තේරුම දෙන්නේ. උදව් ක්‍රියාපදය (helping verb / auxiliary) කාලය, ප්‍රශ්නය, negative එක, හැකියාව වගේ දේවල් එකතු කරනවා.
| Helper | වැඩේ | උදාහරණ |
|---|---|---|
| be (am, is, are, was, were) | දැන් කරමින් ඉන්න දේ, passive | I am cooking. / It was made in Japan. |
| have (have, has, had) | perfect tenses | She has left. |
| do (do, does, did) | ප්‍රශ්න, negative | Do you know him? / I didn't see it. |
| can, could | හැකියාව, ඉල්ලීම | I can swim. |
| will, would | අනාගතය, ආචාරශීලී බව | We will call you. |
| should, must | උපදෙස, යුතුකම | You should rest. |
| may, might | සමහරවිට, අවසරය | It might rain. |
be, have, do තනියම ප්‍රධාන ක්‍රියාපද විදියටත් එනවා: I have a car. She does her homework.
can, will, should වගේ helpers වලට (modal verbs) පස්සේ එන ක්‍රියාපදය හැම වෙලාවෙම මුල් ආකාරයෙන්. -s නෑ, to නෑ.
ක්‍රියාපදයක ආකාර
සිංහලෙන් "කනවා", "කෑවා", "කාලා", "කමින්" වගේ ආකාර තියෙනවා වගේම, ඉංග්‍රීසි ක්‍රියාපදයකටත් ආකාර පහක් තියෙනවා.
| ආකාරය | eat | play | කොහෙද පාවිච්චි වෙන්නේ |
|---|---|---|---|
| Base (මුල් ආකාරය) | eat | play | I eat. / Don't eat. / can eat |
| -s form | eats | plays | He eats. |
| Past (අතීත) | ate | played | I ate yesterday. |
| Past participle | eaten | played | I have eaten. / It was eaten. |
| -ing form | eating | playing | I am eating. |
Regular සහ irregular
ගොඩක් ක්‍රියාපද වල අතීත ආකාරය හැදෙන්නේ අගට -ed එකතු කරලා: play → played, work → worked. ඒවාට කියන්නේ regular verbs.
| නීතිය | උදාහරණ |
|---|---|
බොහෝ විට -ed | work → worked, call → called |
e වලින් ඉවර නම් -d | live → lived, dance → danced |
consonant + y නම් -ied | study → studied, cry → cried |
| කෙටි වචනයක අන්තිම අකුර දෙපාරක් | stop → stopped, plan → planned |
ඒත් නිතර පාවිච්චි වෙන ක්‍රියාපද ගොඩක් මේ නීතිය පිළිපදින්නෙ නෑ: go → went → gone, eat → ate → eaten, buy → bought → bought. ඒවා irregular verbs. ඒවා කටපාඩම් කරන්නම ඕනෙ. සම්පූර්ණ ලැයිස්තුව Irregular verbs පිටුවේ තියෙනවා.
-ed උච්චාරණය කරන්නේ තුන් විදියකට: worked (වර්ක්ට්), played (ප්ලේඩ්), wanted (වොන්ටිඩ්, අමතර අක්ෂරයක් එක්ක). අමතර අක්ෂරය එන්නේ t හෝ d වලින් ඉවර වෙන ක්‍රියාපද වලට විතරයි. ඒ නිසා worked එක "වර්කඩ්" නෙවෙයි.
තත්ත්ව ක්‍රියාපද: -ing එපා
know, like, love, want, need, understand, believe, have (අයිතිය) වගේ ක්‍රියාපද වලින් කියන්නේ කරමින් ඉන්න දෙයක් නෙවෙයි, තියෙන තත්ත්වයක්. ඒ නිසා ඒවා -ing විදියට එන්නේ නැති තරම්.
object එකක් ඕනෙද? "explain me" නෙවෙයි
සමහර ක්‍රියාපද වලට කෙලින්ම object එකක් (කාටද / මොකක්ද) එනවා. සමහර ඒවාට මැදට to, about, for වගේ වචනයක් ඕනෙ. ලංකාවේදී ගොඩක් ඇහෙන වැරදි කිහිපයක්:
Linking verbs: look, feel, taste
be වගේම, subject එක ගැන විස්තර කරන වචනයකට (නාමවිශේෂණයකට) සම්බන්ධ කරන ක්‍රියාපද කිහිපයක් තියෙනවා: look, feel, seem, sound, smell, taste, become, get. ඒවාට පස්සේ එන්නේ adjective එකක්, -ly adverb එකක් නෙවෙයි.
Linking verbs
- You look tired.
- I feel better now.
- This curry tastes great.
- That sounds good.
Quick check
Tap an answer. Nothing is saved.
We cricket on Sunday.
I to Jaffna last month.
My grandmother Tamil.
මම උත්තරය දන්නවා.
මට නීතිය පැහැදිලි කරන්න.
අපි ඊයේ සැලැස්ම ගැන කතා කළා. (discuss)
මම යාළුවා එනකම් බලන් ඉන්නවා.
Finished this one? Tick it off. It is saved on this device only.
