Singular සහ Plural - ඒකවචන, බහුවචන
බහුවචනය හැදෙන නීති සහ exceptions.
-s
| Singular | Plural |
|---|---|
| book | books |
| phone | phones |
| tree | trees |
| house | houses |
-es: -s, -sh, -ch, -x වලින් ඉවර නම්
| Singular | Plural |
|---|---|
| bus | buses |
| glass | glasses |
| brush | brushes |
| church | churches |
| watch | watches |
| box | boxes |
-o වලින් ඉවර නම්
ගොඩක් පාවිච්චි වෙන ඒවාට -es: potatoes, tomatoes, heroes, mangoes, echoes, mosquitoes, volcanoes. ඒත් photos, pianos, radios, videos, zeros.
-y වලින් ඉවර නම්
y එකට කලින් ව්‍යංජනයක් නම් y → ies. ස්වරයක් (a, e, i, o, u) නම් -s විතරයි.
| consonant + y → ies | vowel + y → s |
|---|---|
| baby → babies | day → days |
| city → cities | key → keys |
| country → countries | boy → boys |
| family → families | toy → toys |
| party → parties | trolley → trolleys |
-f, -fe වලින් ඉවර නම්
ගොඩක් ඒවාට -ves: half → halves, knife → knives, leaf → leaves, life → lives, loaf → loaves, shelf → shelves, thief → thieves, wife → wives, wolf → wolves.
ඒත් සමහර ඒවාට -s විතරයි: beliefs, chiefs, cliffs, proofs, roofs, safes, giraffes.
දෙවිදියටම හරි: scarf → scarfs / scarves, hoof → hoofs / hooves, dwarf → dwarfs / dwarves, wharf → wharfs / wharves.
සම්පූර්ණයෙන්ම වෙනස් වෙන ඒවා
| Singular | Plural |
|---|---|
| child | children |
| man | men |
| woman | women |
| person | people |
| foot | feet |
| tooth | teeth |
| mouse | mice |
| goose | geese |
| ox | oxen |
එකම ආකාරය දෙකටම
one sheep, ten sheep · one fish, many fish · one deer, a herd of deer. ඒ වගේම series, species, aircraft.
බහුවචනය විතරක් තියෙන ඒවා
දෙකකින් හැදුණු දේවල්: trousers, jeans, shorts, pants, pyjamas, scissors, glasses (කණ්ණාඩි), spectacles, binoculars, tongs, tweezers. මේවාට are: My jeans are new. එකක් කියන්න: a pair of scissors, two pairs of jeans.
ලතින් වචන, විද්‍යාත්මක වචන, වෙන භාෂාවලින් ආව වචන
| Singular | Plural |
|---|---|
| cactus, fungus, nucleus, stimulus, syllabus | cacti, fungi, nuclei, stimuli, syllabi (syllabuses ද හරි) |
| analysis, basis, crisis, diagnosis, thesis | analyses, bases, crises, diagnoses, theses |
| criterion, phenomenon | criteria, phenomena |
| curriculum, medium, memorandum | curricula, media, memoranda |
data තාක්ෂණික ලියවිලි වල datum හි බහුවචනය. ඒත් අද සාමාන්‍ය ඉංග්‍රීසියේ data uncountable වගේ: The data is ready.
Quick check
Tap an answer. Nothing is saved.
Colombo and Kandy are big .
We packed ten .
Be careful with those .
There are five in the field.
My trousers too long.
මගේ දත් රිදෙනවා.
බස් හෝල්ට් එකේ මිනිස්සු ගොඩක් හිටියා.
Finished this one? Tick it off. It is saved on this device only.

