Engspire × Pivee

ලංකාවෙ බබාලට ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න පාවිච්චි කරන්න පුළුවන් පොත් සෙට් එකක්

A look at a set of books, flash cards and a CD from Easy English that help Sri Lankan children learn English.

Talks · 10 August 2021

වීඩියෝ එක ගැන

මට පහුගිය දවසක Easy English ආයතනයෙන් එවුවා පාර්සලයක්. ඒක ඕප්න් කරල බැලුවෙ මම අදයි. ඒකෙ තිබුනු දේවල් දැක්කම මට හරිම සතුටක් දැනුනා, ලංකාවෙ බබාලට ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න උදවු වෙන හරිම ලස්සන පොත් ටිකක් නේද ඒ කියල. පොත් විතරක් නෙවෙයි, ඒ එක්ක මතක තියාගන්න පහසු වෙන ෆ්ලෑශ් කාඩ්ස්, සීඩී එකක්, වෙබ්සයිට් එකක් වගේ මේ සේරම තියෙනවා. මට එයාලා ගෙවීමක්වත්, වෙන මොනාහරි වාසියක් වෙන දෙයක්වත් දුන්නෙ නෑ -- මට ඒ අය කරන වැඩේ ගැන, ඒකෙන් ලංකාවෙ බබාලට එයාලගෙ ජීවිතේට සමීප විදියට ඉගෙනගන්න කොච්චර ලේසිද කියල හිතුනු ඒ සතුට තමයි මට ලැබුනු ගෙවීම. ඒ සම්පූර්ණ පැකේජ් එක හරිම ශෝක්. මට බබාලා හිටියනං, එයාලට අරං දෙනව මම. 🙊